IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ප්‍රමුඛ මහජන සම්බන්ධතා ආයතනයක් වන Mark and Comm හි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙම ත්‍රෛභාෂා වාර්තාව මගින් මාධ්‍ය වෘත්තිකයන්ගේ දර්ශනය සහ ඔවුන් උත්සුක වන කරුණු පිළිබිඹු කරන අතර වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී ක්ෂේත්‍රයක් පෝෂණය කිරීමේ අවස්ථා ඉස්මතු කරයි.

මෙම පිළිගැන්වීමේ අවස්ථාවේදී වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව අදහස් හවුමාරු කරගැනීමක්ද සිදු කෙරිණ.

Mark and Comm විසින් පිළිගන්වන ලද වාර්තාවේ ඉස්මතු කරන ලද මූලික ප්‍රමුඛතාවක් වන්නේ මාධ්‍ය ආයතන තුළ වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමය.

එසේම සාධාරණ වැටුප්, නියමිත වෙලාවට සිදුකරන ගෙවීම් සහ තිරසර ආදායම් ආකෘති සහතික කිරීම මඟින් වඩාත් සුරක්ෂිත සහ උනන්දු ශ්‍රම බලකායක් නිර්මාණයට දායක වනු ඇත.

මීට අමතරව, ව්‍යුහගත වෘත්තීය වර්ධනයේ සහ ප්‍රවර්ධන අවස්ථාවල වැදගත්කම වාර්තාව අවධාරණය කරයි,

මාධ්‍යවේදීන්ට ප්‍රමාණවත් උපදේශනයකින් සහ කුසලතා සංවර්ධනයකින් තම වෘත්තියේ ඉදිරියට යාමට ඇති අවස්ථාව පිළිබඳවද සාකච්ඡා කොට තිබේ.

ආචාරධාර්මික ප්‍රමිති ශක්තිමත් කරමින් මාධ්‍ය නිදහස තහවුරුකරන ශක්තිමත් ක්ෂේත්‍ර රෙගුලාසිවල අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධානයට යොමු කර තිබේ.

කරුණු පරීක්ෂා කිරීම, වැරදි තොරතුරු වැළැක්වීම සහ විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීම පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ලබාදීම තුළ මෙරට පුවත්පත් කලාව කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීමටද මෙහිදී අවධානයට යොමු කර තිබේ.

ආචාරධාර්මික මාධ්‍යවේදය සහ වගකීම් සහගත වාර්තාකරණය,විශ්වසනීය මාධ්‍ය පරිසරයක් හැඩගැස්වීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ මානසික සුවතාව, මාධ්‍ය වෘත්තිකයන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මානසික සෞඛ්‍ය, ආතති කළමනාකරණ මූලාරම්භ සහ සමබර වැඩ පරිසරයන් සැපයීමේ වැදගත්කම, වර්ධනය වන මාධ්‍යවේදීන් ප්‍රමාණය, ඩිජිටල් සහ බහුමාධ්‍ය මාධ්‍යවේදය, ගවේෂණාත්මක වාර්තාකරණය, මාධ්‍ය ආචාර ධර්ම සහ අර්බුද ආවරණය පිළිබඳ පුහුණුව සහ අවස්ථා ඉහළ නැංවීම කෙරෙහිද මෙමගින් අවධානය යොමු කොට තිබේ.

පුවත්පත් කලාව පිළිබඳ මහජන අවබෝධය බොහෝ දුරට ධනාත්මකව පවතින බවත් මෙම වාර්තාව මගින් Mark and Comm ආයතනය වැඩිදුරටත් දක්වා තිබේ.

 



අදහස් (0)

පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site