IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .

වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවත්, වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (5)

ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි

අතූ Friday, 28 February 2025 07:38 AM

ඔක්කොම එකයි එයාලා විතරක් හමු වුණාට සෞඛ්‍ය අනෙක් වෘතිකයන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑනේ. නිකන් කැත වැඩ කරන්න එපා.

:       4       4

මැක්ස් Friday, 28 February 2025 08:23 AM

එතුමාගේ නීලකාස බොරුවලින් පිරි සුරංගනා කතාවලට තව දුරටත් රැවටෙනවා දැයි දොස්තරවරු තීරණය කළ යුතුය.

:       3       7

නිමෙශ් Friday, 28 February 2025 01:33 PM

රටේ තියෙන එකම වෘත්තිය වෛද්‍ය වෘත්තිය විතරයි. එයාලගේ ප්‍රශ්න විතරක් විසද විසද ඉන්න. අනිත් වෘත්තීන් හැමෝම වගෙ රට දාල යනවා. එයාලව ගෙන්න ගෙන වෙනත් රටවල් දිනෙන් දින දියුණු වෙනවා. අපි එයාලගෙන් ණය අරගෙන මෙයාලගෙ ප්‍රශ්න විසදන්ව. මේ කපේදි මෙ රට ගොඩගන්න බෑ. මෙයාලා එක්ක.

:       6       5

දොන් සේතං Friday, 28 February 2025 02:45 PM

විධායක බලේ තියෙන ජනාධිපති ඉන්නේ ලොක්කන්ට බටර් ගාන්න නෙමෙයි, රටේ වියදමෙන් ඉගෙන ගත්තා නම් දැන් රටට සේවය කරපල්ලා කියලා කණින් අල්ලලා වැඩ ගන්නයි.

:       3       6

IranFriday, 28 February 2025 04:38 PM

ඇයි, රටේ වියදමෙන් ඉගෙනගත්තේ දොස්තරලා විතරද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site