
(දිනේෂ් උපේන්ද්‍ර)
කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.
පන්නල පොලිසිය මගින් ඉකුත් 25 දා අධිකරණයට ඉදිරිපත් කර ඉල්ලා සිටි පැය 48ක රැඳවුම් නියෝගය අවසන්ව එම පොලිසිය මගින් සැකකරුවන් යළිත් අධිකරණයට ඉදිරිපත්කළ පසු එසේ රක්ෂිත බන්ධනාගාරගතකරන ලදී.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගතවූයේ කොට්ටරාමුල්ල, කිරිමැටිය ප්‍රදේශවල පදිංචි නිර්මාල් රාජපක්ෂ හා සී අයි දිල්ශාන් නමැති සැකකරුවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd