
(උපාලි ආනන්ද සහ අනුරාධපුර බී.ජී. චතුරංග)
අධිකරණ නියෝගයකින් අනුරාධපුර 'යෙහෙළිය' ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර 'අවන්තිදේවී' ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැමි සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස් වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීවරි වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීරයක් දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේ වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රීයානි යන සැකකරුවන්ය.
(ඡායා උපුල් හේරත්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රජයේ නිලධාරින්..!
ඔය තරම් වරදකට චෝදනාවලට ලක්වූ රාජ්‍ය නිලධාරියා උසස් වීමක් ලැබූයේ කෙසේද? රාජ්‍ය පරිපාලන සේවය හෑල්ලුවට ලක්කිරීම සාධාරණීකරනය කළ හැකිද? කළ වරද නොසලකා උසස් වීම් දෙන්න පරිපාලන සේවයට හැකිද?
වැටත් නියරත් ගොයම කා නම් කාට පවසම් ඒ අමාරුව. මේ නිළධාරීන්ව නේද මේ ළමයින්ව බලාගන්න හදාවඩා ගන්න වගකිය යුතු අය. මේ වගේ අඩන්තේට්ටම් වලින් ළමයින් බේරගන්න ඉන්නේ?
මෙච්චර හපන්කමක් කරලා මුහුණ පෙන්නන්න ලැජ්ජයිද?
ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරින් කියන්නේ ලූලා නැති වලට පණ්ඩිතයා වෙන අයනේ පරිවාස නිලධාරි පත්වීමක් ගන්නවා. කාලය ගෙවී යන්නේ මුල්ම පුහුණුවෙන් පස්සේ... කිසිම පුහුණුවක් නැතුවාම තමයි. අන්තිමේ මුලින් හිටපුකෙනා විශ්‍රාම ගියාම එතැන්සිට එයා තමයි ජ්‍යේෂ්ඨ නිලධාරි වෙන්නේ කිසිම විභාගයක් ලියන්නෙත් නැහැ. එහෙම අය දෙන ලණු ගිලින ආයතන සංග්‍රහ, රෙගුලාසි හා සම්බන්ධ චක්‍රලේඛ මුදල් රෙගුලාසි හා ඒවාට සම්බන්ධ චක්‍රලේඛ ගැන අවබෝධයක් නැති නිලධාරි නොදන්නා කමට අමාරුවේ වැටෙනවා. වර්තමානයේ සමහරක් උසස් නිලධාරින් අනුන්ගෙන් උපදෙස් ගන්න මැලිකමත් මෙහෙම වෙන්න හේතුවක් වෙනවා. කොටින්ම කිව්වොත් නුසුදුසු කෙනෙකුට නුසුදුසු තනතුරක් දීලා එයාගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් කොමසාරිස් අමාරුවේ වැටිලාද කියලා හිතෙනවා...