
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ(28) හිමිවිය.
ඒ සමග මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 334 වහාම නිදහස් කිරීමට විධායක කමිටුව අවසර ලබාදුන්නේය.
ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ යයි.
ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් ශක්තිමත් බවත් සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු දර්ශක ඉලක්ක සියල්ල ශ්‍රී ලංකා සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
එසේම පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. ශ්‍රී ලංකාව මෑතකදී සාර්ථකව අවසන් කළ බැඳුම්කර හුවමාරුව ණය තිරසරභාවය නැවත ඇති කිරිමේ දිශාවට තැබූ ප්‍රධාන සන්ධිස්ථානයක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරමින් තිබෙන බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන ඉන් වේගවත් වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. කෙසේ වෙතත් තවත් මෙරට ආර්ථිකය අවදානම් තත්වයේ පසුවන බවත් ණය තිරසරභාවය ඇති කිරීමටත්, ආර්ථිකය කල්පවතින යථා තත්වයකට පත් කිරීමේ මාර්ගයකට යොමු කිරීම සඳහාත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ මාස 48 විස්තීරණ ණය අරමුදල් පහසුකම් 2023 වසරේ මාර්තු 20 වැනිදා ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF එකත් එක්ක පෝර්ට් බඩුව බෙදිල්ලක්. ආයෙ ලොවෙත් නැහැ.
අයියෝ ඔය සල්ලි ඕනෑ නැහැ...
IMF උගුලේ රට හිරකරපු අයත්, ඒකම කරන්න හිටපු අයත් මේ රජය ඒක කරණකොට ඊර්ෂ්‍යාවේ බැරිව නාහෙන් අඬනවා... හැබැයි මේ රජය දැඩි කොන්දේසි ලිහිල් කරගෙන යන්නේ..., මාසෙන් රට ඉවරයි කියපු අය කෝ?