
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.
(කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -4.2ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය ජනවාරි මාසයේ සියයට -4.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -0.2 දක්වා වැඩි වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -2.6% ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
පෙබරවාරි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -6.1ක් දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -4.7 ක් ලෙස වාර්තා වූ බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් උධ්ධමනේ ගහලා තියෙන්නේ අපේ පොකට් එකට. බලන් ඉන්දැද්දී පොකට් එකෙන් රුපියල් අඩු වෙනවා....