
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
එලෙස විමර්ශන පවත්වා එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් එම මුදල් අය කර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
පසුගිය කාලයේදී විවිධ කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා 14ක් පත්කර ඇති බවත් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් කොමිෂන් සභා දෙකක පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටවනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල පසුව අහෝසි කළ බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති දේශපාලනඥයෙක් වැරදි කෙළවරකින් හැම දෙයක්ම ගන්න පටන් ගන්නවා. ඔවුන් මුලින්ම ව්‍යවස්ථාව කියවන්නේ නැහැ, නැත්නම් ඔවුන් ව්‍යවස්ථාවට ඉහළින් කියලා හිතනවා. මැතිවරණයට පෙර පවා ඔවුන් බොහෝ දේ කිව්වා, නමුත් පසුව ව්‍යවස්ථාව කියවන විට, උදාහරණයක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ වියදම් කපා හැරීමට ප්‍රතිපාදන නොමැති බව ඔවුන් පවසනවා
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි තවත් ප්‍රකාශයක්. මේවා කියන්න ඉස්සර නීති අංශ වලින් අහලා හිටියොත් හරි..
ඔය කියන මුදල් අය කරගෙන පෙන්වන්න.. ඒ වගේ ම මෑත අතිතයේ දී තමනට විරුද්ධ පාක්ෂිකයින්ගේ දේපළ ගිණි තබා කළ විනාශයේ වගකීම බාරගෙන අලාභය රජයට ගෙවන්න. වින්දිතයින් දැනටමත් තමන්ට වූ විනාශයේ වන්දි මහජන බදු මුදල් තුළින් රජයෙන් අයකර ගෙන ඇත. 88 89 සමයේ රටට කළ විනාශය ගණනය කර ජවිපෙ මාලිමා අරමුදලින් රජයට අයකර ගැනිමට සලසන්න..
යෝගා, අසේල, පරණ ක්‍රමය හොඳයි නේද? කරන්න බැරි වුනත් තමුන්නැහැලාගේ ලොක්කන්ගේ හෙලුව රටට පෙන්වන එකම මදිද?