
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
වැලිගම පැළෑන ප්‍රදේශයේ w 15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 වෙනි දින වෙඩි තැබීමේ සිද්ධියකට අදාලව ඇති නඩුවක් සම්බන්ධයෙන් මාතර අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයා ඇතුළු කීපදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම විදේශ ගමන් තහනම් නියෝගය ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ කඹ ගානට පිරිත් නූල්, කලේ අමන වැඩ, අනුන්ගේ දේපල වලට වෙඩි තියෙව්වා. පොලිස් කාරයෙක් නිසි ප්‍රතිකාර වෙලාවට නොදී මරලා දැම්මා. ගෝල්පේස් අරගලයට ගහන්න එන අය නතරකරන්න අවස්ථාව තිබියදී එසේ නොකර රටේම දේපළ ජීවිත විනාශයට ලක්කළා. මෙයා පැවදිවෙලා ඉඳලා තියෙනවා... තවමත් නිල පොලිස්පති, හැබැයි වරෙන්තු කාරයෙක්, මෙතැන පහුගිය පාලනය ගැන කේවට්ටකම් කථාකරන උන්දැලා මොකද කියන්නේ? මේ පාලනය නාවා නම් මොවුන්ගේ ඇත්ත එළියට එනවාද? එහෙනම් තවමත් යුක්තිය මෙහෙයවලා කන්හැඳි ප්‍රමාණයේ කුඩු අල්ලලා ගෙන්වන අය එක්ක පාටි දානවා. තමුන්ලා කට ඇරගෙන හුරේ දානවා...
අරගල කාලේ පාර්ලිමේන්තුව වටලලා නාඩගම් නටන්න දුන්නෙ නැති එකට පලි ගන්නව. මේ ආණ්ඩුව හිතන් ඉන්නෙ හැමදාම එයාලා විතරක් පාලන ඉඳිවි කියල.
කේසර සිංහයෝ ගැන අපි අහල තිබ්බට කේසර සුනඛයන් කියල ජාතියක් ගැන අපි අහල නැහැ. එහෙම ජාතියක් ඉන්නව බව නම් දැනුයි දැනගත්තෙ.