
(කුෂාන් ජයවර්ධන)
පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගුවට ගැනීමට මරදන්කඩවල පොලිසිය සමත්ව තිබේ.
ලද තොරතුරක් අනුව මරදන්කඩවල නගරයේදී සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී තැන තැන සඟවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 104ක් ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේදී සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුළ සඟවාගෙන සිටිය දී එම මත් කුඩු තොගය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පැණිබීම බෝතල් 52ක් තුළ එම කුඩු ඉතා සූක්ෂම ලෙස අසුරා සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුල එම මත්කුඩු තොගය සඟවාගෙන සිටි බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ සඟවාගෙන සිටියදී මෙලෙස සොයා ගනු ලැබූ මත්කුඩු තොගය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් පමණ වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවටපත් සැකකරු හෙට (02) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරී තිලින හේවාපතිරණ මහතා ඇතුලු කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග හා උපදෙස් අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ආරම්භ කර ඇති අතර මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් එම විමර්ශණ සිදු කෙරේ.


2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි