
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.
ශීර්ෂයට පක්ෂව ඡන්ද 88ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති.
ආරක්ෂක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය අද (28) දවස පුරා පැවැත්විණ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදය ආරම්භ කරමින් කතා කළ අතර විවාදයේ පිළිතුරු කතාව කළේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතය ගැන කියව කියව ඉන්න එක දැන් මේ රජයේ ඇමතිවරුන් ගොඩක් දෙනෙකුගේ පුරුද්දක් විදියට තියාගන්න එපා. අතීත වැරදි නිසයි අලුත් රජයක් පත්කරගත්තේ ජනතාව. ඒ වැරදි ගොඩක් මිනිස්සු දන්නවා. ඒවා නැවත නැවත කියවන්න එපා. එපා වෙනවා අහලම. ඔබලාගේ රජය ශක්තිමත් කරගන්න. පරාතිවාදීන් අතෙන්ට ඇන්න. මෙතන මිරිකුවා කියලා කියව කියව ඉන්නේ නැතිව කොහාටවත් ගහන්න ඉඩක් තියාගන්නේ නැති විදියට ශක්තිමත් වෙන්න. විරුද්ධවාදීන් එහෙම තමයි මොනවා හරි කරල බලය ගන්නයි බලන්නේ. අනුන් සැක කිරීම, අනුන්ට වැරදි පැටවීම දැන් ඇති. ඒ මානසිකත්වය ඔය ඇමතිවරුන්ගෙනුත් ඉවත් කර ගන්න කියන්න. දැන් බැහැල වැඩ කරන්න කියන්න. කතාව දැන් හොඳටම ඇති.