IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග

(මනෝප්‍රිය ගුණසේකර සහ කිෂාන් ජීවක ජයරුක්)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මීට වසරකට පමණ පෙර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රති ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක්  බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයට අදාළව පිටු 80කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා වෙඩි වැදීමෙන් සිදුවු තුවාල හේතූවෙන් මරණකරු මියගොස් ඇති බව තීන්දු කළේය.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට මීට වසරකට පමණ පෙර වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඉදිරිපත් වු සාක්කි සහ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැළකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම සිද්ධියේදී මියගිය කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

වැලිගම පැලෑන ප්‍රදේශයේ පවත්වාගෙන යන සබරගමුව හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයාට අයත් ‘ඩබ්ලිව් 50’ නමැති හෝටලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබන බවට 2023 දෙසැම්බර් 31 වැනිදා අ`ථයම් කාලයේදී වැලිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව අදාළ සුදු වෑන් රථය පළාගොස් තිබිණී.

වැලිගම පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඉමදූව අධිවේගී පිවිසුමේදී අදාළ සුදු වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු වෙඩි වැඳුණු තුවාල සහිතව සුදු වෑන් රථයේ සිටි දෙදෙනෙකු 1990 ගිලන් රථ සේවය මඟින් කරාපිටිය රෝහලට යොමු කළ අතර එහිදී වෙඩි වැදී සිටි එක් පුද්ගලයකු මියගොස් තිබු අතර ඔහු කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ සැරයන් උපුල් කුමාර නමැති 46 හැවරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පසුව අනාවරණය විය.

අනෙක් පුද්ගලයා කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු බව අනාවරණය වු අතර වෙඩි වැඳුණු තුවාල සහිතව සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබිණී.

‘හරකා කටා’ සහ ‘මිදීගම රුවන්’ නමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාලයටට සම්බන්ධ පුද්ගලයින් කොටු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොටඨාශය ‘යුක්තිය මෙහෙයුම’ යටතේ කළ වැටලීමකදී මෙම සිද්ධිය වු බව පසුව අනාවරණය කෙරුණු අතර වැලිගම පොලිසියේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ ඥාතීන්ට හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පසු අවස්ථාවකදී රුපියල් 42ක මුදලක් වන්දි වශයෙන් දුන් බවද අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් මතුවු කරුණු මත විමර්ශන කටයුතු දකුණු පළාතේ පොලිස්ථාන වලින් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර කෙරුණු අතර සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තා රහස් පොලිස් නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ.

සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් පුරා කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.



අදහස් (1)

දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග

සෙනෙවිරත්න Saturday, 01 March 2025 02:31 PM

පක්ෂ බේදයකින් තොරව දේශබන්දු ට එරෙහිවිය යුතුයි, මොකද එදා මැයි නම වෙනිදා අරගලයට ගහන්න ගිහිපු එක නතර කළා නම් පොහොට්ටුවේ අයගේ දේපළ ජීවිත ඉතිරි වෙනවා. ඒක නොකළේ මේ අය තමයි...

:       34       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site