
(අංජුල මහික වීරරත්න)
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයැදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දෙයි.
කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිවේ.
වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000 කට අධික මුදලක් උපයාගත හැකි බව කාර්යංශය පවසයි. ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයකි.
මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.
රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබේ.
මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී හෙට (2) ජපානය බලායාමට නියමිත රැකියාලාභීන් පිරිසක් සඳහා ගුවන්ටිකට්පත් ලබාදීම කාර්යාංශයේදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. ඇඟේ ටැටූ ගසාගැනීම එක්තරා මානසික ව්‍යාධියක්. එහෙම අයට රැකියාවක් දීම අනවශ්‍ය කරදරයක් ඇඟේ දමාගැනීමක් විය හැකියි.
හරි...!
එහෙනම් පච්ච ගහපු එක ජපනෙකුටවත් ලංකාවට එන්න දෙන්න එපා. ජනාධිපතිතුමා දැඩිව ඉන්න.
ජපානයේ අන්තවාදී මිනීමරු කල්ලි ඉන්නවා පච්ච වලින් තමයි ඔවුන්ව සාමාජිකයින් අතර හඳුනාගන්නේ. බටහිර රටවලත් පාතාල කල්ලි, කුඩු කල්ලි, සම ලිංගික කල්ලි වගේ අය විශේෂ පච්චා කොටාගෙන ඉන්නවා ඔවුනොවුන් හඳුනාගන්න. පච්චය කියන්නෙ ගෞරවය ලැබිය යුතු සංකේතයක් නොවෙයි. ඕනෑම දෙයක් ඔහේ බදාගන්න අපේ බොහෝ පිරිස් පච්චා කොටාගෙන තම වැදගත්කම නසාගෙන ඉන්නවා.
ජපානයේ පච්ච භාවිතය එරට භාෂාවෙන් 'යකූසා' (Yakuza) යනුවෙන් හැඳින්වෙන පාතාල කල්ලි සාමාජිකයන්ට ආවේණික වූවකි. එබැවින් පච්ච වලින් සිරුර 'අලංකරණය කිරීම" එරට සම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ පිළිගැනීමක් නැති, නීතිගරුක පුරවැසියන් නොකරන ක්‍රියාවක් ලෙස හැඳින්වේ...
අනේ අයියේ අපි ඉවරායි…..ටැටුවොන්ට ජපානෙ ජොබ් නැහැල්ලූ….
බටහිර රටවල පරණම රැකියාවට වීදිවල හිටගෙන ඉන්න අයගේ අනන්‍යතාවය පච්චා. ලංකාවේ වැදගත්ව ජීවත්වෙන බුද්ධිමතුන් මතියන් නිලධාරීන්ට, හෙදියන්, ගුරුවරියන් විනිශ්චයකාරවරුන්, වරියන්, ගාමන්ට් සේවිකාවන්, පරිපාලන ඇතුලු උස්, පහත් භේදයකින් අංශයකම වැදගත්වන සෑම අංශයකම ජීවත්වෙන කිසිවෙකු වැදගත් නම් ලෝ පච්චා කොටන්නේ නැත. බොහෝ රටවලට රැකියාවලට නොගන්න හේතුව ඕනෑම අපරාධ කාරයෙක් පච්චා ස්ථිරයි. කලාතුරකින් කෙනෙක් නැති වෙන්න පුළුවනි.
මෑතක ඩොනල්ඩ් ට්‍රම්ප් මුණුපුරාට දීපු අවවාදය ලෝකෙම දැක්කා. "මද්‍යසාරය මත්ද්‍රව්‍ය ගන්න එපා පච්චා කොටන්න එපා "ඒක වැදගත්ව ජීවත්වෙන අය කරන්නේ නෑ... පච්චා වලට ඔය තත්ත්වය හේතුව ගණිකාවන්ගේ අපරාධ කාරයින්ගේ පච්චා ස්ථීරයි.!
විකාර නීතියක්නේ. පච්ච කලාව ඈත අතීතයේ සිටම මිනිස්සු කරපු දෙයක්. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා.
පච්ච ක් ගැහුවා කියලා. අවස්ථාව ක් නැති කිරීම නම් අනුමත කරන්න බැ.
මටත් අවස්ථාවක් ලබාදෙන්න!
හොඳයි...!