අල්ලස් සැකකරු ආර්එම්වී පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන කිරීමට අවසර යතුරුපැදියක ලියාපදිංචි සහතිකය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දුන් සහ ඉල්ලූ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තැරැව්කරුවකු අද(10) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට අවසර දුන්නේය. 10 October 2017
තෙල්දෙණියේ අනතුරින් දෙදෙනෙක් මරුට තෙල්දෙණිය ගෝනගල ප්‍රදේශයේ දී අද (10) මෝටර් රථයක් පාරෙන් ඉවත පැන සිදු අනතුරකින් යතුරු පැදිකරුවකු හා කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බව තෙල්දෙණිය කියයි. 10 October 2017
නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය. 10 October 2017
කුණු ගැන ඉගෙන ගන්න ඌවේ පිරිසක් තායිලන්තයට ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතුළු සේවකයන් පිරිසක් ළඟදීම තායිලන්තය බලා යන බව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා කියයි. 10 October 2017
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියට නියෝග කළාය. 10 October 2017
නැදුන්කර්නි පාසලේ බිම් බෝම්බයක් වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ මිදුලෙහි යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන අධිබලැති බිම් බෝම්බයක් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පවසයි. 10 October 2017
රසායනික ද්‍රව්‍ය කලවම් කඳුළු ගෑස් එල්ල කළා-සම්පත් අතුකොරල හම්බන්තොට විරෝධතාවයේ නිරත වු තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කරේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි. 10 October 2017
ලංකාවේ ප්‍රගතිය බලන්න ජගත් නියෝජිතයෙක් ලංකාවට සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්රීෆ් මහතා අද (10) දිවයිනට පැමිණීමට නියමිතය. 10 October 2017
කබීර්ට - මලික්ට නොතිසි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (10) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. 10 October 2017
මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 October 2017
තායිවාන සිද්ධියට සම්බන්ධ ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම් නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට ඇතුළු වී තායිවාන බැංකුවකට අයත් ඇමරිකා ඩොලර් මිලියන 2.104 ක් (රුපියල් කෝටි 32ක්) වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ රහස් පොලීසියේ විමර්ශනවලට අවශ්‍ය ශලීල මුණසිංහ යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 09 October 2017
තායිවාන බැංකු කොල්ලයට සැකපිට ශලීල මුණසිංහ අත්අඩංගුවට නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය. 09 October 2017
නාලක ගොඩහේවාගේ නඩුව දෙසැම්බර් 11 විභාගයට ‘‘තාරුණ්‍යයට හෙටක්’’ සංවිධානයට ලබා දුන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (9) තීරණය කළේය. 09 October 2017
‘ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය නෑ‘ - ටීඑන්ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. 09 October 2017
ශෂී වීරවංශගේ නඩු දෙක නොවැම්බර් 20ට කල් යයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) තීරණය කළේය. 09 October 2017
තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එරට අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ‘ෆෝකස් තායිවාන්’ පුවත් සේවය වාර්තා කරයි. 09 October 2017
ජනපති ගිය උත්සවය ආසන්නයෙන් ගිනි අවියක් සොයාගනී ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද(9) පමණ පොළොන්නරුව ඇතුමල්පිටියේ ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට පැමිණ එහි රැඳී සිටියදි පාසල ඉදිරිපිට නිවසක වෙඩි බෙහෙත් පුරවන ලද මෙරට ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් එය සොයා ගත් බව පොලිසිය පවසයි. 09 October 2017
නැතිවී ගිය සාගර කීර්තිය යළි ගෙනෙන බව රාජ්‍ය ඇමැති රුවන් කියයි වෙළෙඳාම හා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර දියුණු කරමින් නැති වී ගිය සාගර කීර්තිය නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹ දී පැවැසීය. 09 October 2017
ෆින්ලන්ත ව්‍යවසායන් වැඩිකර ගැනීමට අගමැති සාකච්ඡාවක ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 October 2017
ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් ජාතික තත්ත්ව සතියක් ලෝක ප්‍රමිති දිනය ලබන 14 වනදාට යෙදෙන බැවින් ඒ නිමිත්තෙන් 09 වනදා සිට ලබන 15 වනදා දක්වා ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා අද(9) පැවසීය. 09 October 2017
වැටුප් පරිමා වෙනස අහෝසි නොකළොත් වර්ජනයක් සෞඛ්‍ය සේවයේ වැටුප් අභිබවා දුම්රිය සේවයේ වැටුප් වැඩි කෙරෙන චක්‍රලේඛය වහා අහෝසි නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. 09 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්රභා කරන්නැයි ඉල්ලයි පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 09 October 2017
හොරෙන් ඉතාලි යන්න හැදු තුනකට ඇප ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටුනායක ගුවන්තොටුපලෙන් දෝහා කටාර් හරහා ඉතාලි රටට යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකුට එක් අයකු රුපියල් 10,000 ක බැගින් වු මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (9) නියම කළේය. 09 October 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උතුරේ උද්ඝෝෂණ දැනට අත්අඩංගුවේ පසුවන චෝදනා ලැබ හා නොලැබ සිටින සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව රජයට බල කරමින් අද (09) උතුරේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි. 09 October 2017
ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරු යළි රිමාන්ඩ් රුසියාවේ හිටපු තානාපති හා උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙක්ට තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරු උමාර් හබිතාබි නොවැම්බර් 2 වැනි දා යළි දක්වා රිමාන්ඩ් කිරිමට 09 October 2017
නාමල් අද හම්බන්තොට පොලිසියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මහතාට හෙට (10) දිනයේ දී හම්බන්තොට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හෙට (10) අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසා ඔහු අද (9) හම්බන්තොට පොලිසියට පැමිණියේය. 09 October 2017
අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය. 09 October 2017
‘දේශපාලන සිරකරුවන් වහා සමාජගත කළ යුතුයි’ - ටිල්වින් මෙතෙක් කාලයක් සිරගතව සිටි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කොට සමාජගත කළ යුතු බවටත් නව ව්‍යවස්ථාවට අභියෝග මැද වුවත් සහය දක්වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ දී පැවසීය. 09 October 2017
අතුරුදන් පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත සාර්ථකව නීති ගත කිරීමට නායකත්වය දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. 08 October 2017
2018 ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3982ක් 2018 මුදල් වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත හෙට (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසිනි. 08 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026