(උපාලි ආනන්ද)
තම කුසින් ප‍්‍රසූත කළ දින 12ක් වයසැති පිරිමි දරුවකු රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල තනිකර බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයාට යවා නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට අද (2) නියෝග කළේය.
සැකකාර වෛද්‍ය සිසුවිය විසින් අතහැර දමනු ලැබ කෲරත්වයට පත් කර ඇති බව කියන දින 12 ක් වයසැති දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවන ලෙසටද පොලිසියට නියෝග කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ලබන මාර්තු 20 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර වෛද්‍ය සිසුවියට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටිනුයේ පොලොන්නරුව මැදිරිගිරියේ දික්ගල්ඔය පදිංචිකාරියක වන 22 හැවිරිදි වෛද්‍ය සිසුවියකි.
දරුවා ප‍්‍රසූත කල මව සහ දරුවා සමිබන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැදවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට මීට පෙර නියෝග කෙරුනු අතර එම නියෝගයට අනුව සැකකාර මව සහ දරුවා හෙදියකද සමග පොලිස් ආරක්ෂාව යටතේ කොළඔ බොරැල්ල ජින්ටෙක් ආයතනයට රැගෙන ගොස් ඞී එන් ඒ වාර්තාවක් ලබා ගැනිණි.
දරුවාගේ මව මෙම වෛද්‍ය පීඨ සරසවි සිසුවියක වන සැකකාර කාන්තාවම බවට අදාල ඞී එන් ඒ පරික්ෂණයේදී සියයට සියයක්ම තහවුරු කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින් මහා මග දමා යාම වගේම මෙවැනි දරුවන් නීතියානුකුලව හදාගන්න කැමති කරුණාවන්ත මිනිස්සුන්ට රටේ තිබෙන බාධාවල් ගැනත් ඔය නිලධාරින් සොයා බලන්න. ළමයාව භාර ගන්න ලැබෙනකොට එයාට වයස 25ක් විතර වෙලා. නීති රීති සොයාබැලීම් අවශ්‍ය නමුත් කල් ගතවෙන ක්‍රියා පටිපාටිය නම් අන්තිමයි. පිටරට ඉන්න මගේ ඥාතියෙකු ලංකාවේ අසරණ දරුවකු නීතියෙන් හදා වඩා ගැනීමේ අදහස ඇත හැර දැම්මේ පරිවාසයේ සහ උසාවියේ රස්තියාදුවෙලා එපා වුන නිසා .