තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11ක් ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 October 2017
උද්ඝෝෂණය ගැන ප්‍රශ්න කරන්න තිදෙනකු කැඳවයි අධිකරණ නියෝග නොතකා හම්බන්තොට උද්ඝෝෂණ පැවැත්වීමට මුලිකත්වය ගෙන කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හෙට (10) හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැඳවා ඇත. 08 October 2017
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. 08 October 2017
නිධාන් ගන්න ගිය පහක් සැකපිට සාලියවැව නීලබැම්ම දකුණු ඉවුරේ විදුලිය වැටට සමීපයේ පිහිටි ඉඩමක නිධන් හෑරීමට සූදානම් වූ බව කියන පුද්ගලයන් පස්දෙනකු ඊට අදාළ ද්‍රව්‍ය හා උපකරණ තොගයක් හා වෑන් රථයක්ද සමග අද (8) දින සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 08 October 2017
බදුරලියේ අනතුරකින් දෙදෙනෙක් මරුට - 10කට තුවාල බදුරලිය කලවාන මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 October 2017
ට්රැක්ටරය පෙරළී 17 හැවිරිදි සිසුවා මරුට පස් පිරවූ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් එය පැදවූ මින්නේරිය පුරාණගම රත්මලේ ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි 08 October 2017
වෛද්‍යවරුන්ගෙන් වර්ජනයක් ගැන තවත් අනතුරු ඇඟවීමක් පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව සම්බන්ධ ගැටළුවලට සඳුදා වන විට විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා(10) වැඩ වර්නජයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි. 08 October 2017
හම්බන්තොට විරෝධතාකරුවන් ගැනත් පරීක්ෂණයක් අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 08 October 2017
‘වගා කරන්න එන්න’යි දුමින්ද හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලයි විශ්‍රාම කාලයත් රට වෙනුවෙන් වැය කිරීම සඳහා මෙම වගා සංග්‍රාමය සමග එකතු වන්නැයි විශ්‍රාම සුව විඳින රාජ්‍ය නායකයින් දෙපළගෙන් ද ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 08 October 2017
හම්බන්තොටදී පහර කෑ තරුණයා මාතර රෝහලේ හම්බන්තොට විරෝධතාවයේදී හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගේ පහර කෑමට ලක් වු තරුණයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 08 October 2017
‘හම්බන්තොට ප්‍රහාරයට එරෙහිව නඩු දමනවා‘ හම්බන්තොට විරෝධතාවට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිළි කිරීමට සහ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 08 October 2017
හෙරොයින් සමග උගන්ඩාවේ කතක් සැකපිට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 43 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේ දී අද (08) අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පැවසීය 08 October 2017
තරුණයාට පහර දුන් ඒඑස්පී ගැන වාර්තාවක් ඉල්ලයි හම්බන්තොට විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් තරුණයකුට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා ප්‍රසිද්ධියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත. 08 October 2017
මුලතිව් නාමයෝජනා ගාස්තු පොලියත් සමග ආපසු මුලතිව් පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් මීට වසර හයකට පෙර ඉදිරිපත් කෙරුණු නාමයෝජනා අවලංගු වීම හේතුවෙන් එම මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට ඒ සඳහා ඔවුන් ලබාදුන් තැන්පතු නැවත පොලිය සමග ආපසු ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 08 October 2017
හොර නෝට්ටු සමග දෙදෙනෙක් දැලේ රුපියල් 92000ක් වටිනා හොර නෝට්ටු රැගෙන යමින් සිටි බව කියන කාන්තාවක සහ ඇය ගමන් කරමින් සිටි රථය පැදවූ රියදුරා අද (08) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි. 08 October 2017
රථවාහන හඳුනා ගැනීමට ගුවන් විදුලි සංඛ්‍යාත නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 08 October 2017
උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ. 08 October 2017
පළාත් පාලන මැතිවරණය ජනවාරියේ ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ. 08 October 2017
සයිටම් විරෝධී සත්‍යග්‍රහයට මිය ගිය සිසුන්ගේ දෙමාපියෝත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද උදෑසන 10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතය. 08 October 2017
විල්පත්තුවේ දඩයමේ ගොස් අසුවෙයි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ යෙදී සිටී පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව විනජීවි නිලධාරීහු පවසති. 07 October 2017
කොටි 2ක රණ් ආභරණ සහ විදෙස් රන්කාසි සොරා ගත්තැයි 3ක් සැකපිට කාත්තාන්කුඩි කල්ලඩි උප්පෝයේ නිවසක රුපියල් කෝටි දෙකක් වටිනා රන් ආභරණ හා විදෙස් රන් කාසි සහිත පෙට්ටගමක් හොරකම් කළ බවට සැකපිට තිදෙනකු එම රන් ආභරණ සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි. 07 October 2017
අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ඒ.එස්.පී කනට ගහලා හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි පොලිස් ආරංචි කියයි. 06 October 2017
අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු දෙන්නේ නැතිලු තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු ලබා නොදෙන බව අධ්‍යපන අනධ්‍යයන සේවක සංගමය චෝදනා කරයි. 06 October 2017
බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දැන්මේ තනි කැමැත්තට - මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (06) පිළිගත්තේය. 06 October 2017
බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැතිට වාර්තාවක් දුන්නා - මහේන්ද්‍රන් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු දේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් ලබා දුන් බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද බැඳුම්කර කොමිසම හමුවේදී පැවසීය. 06 October 2017
අල්ලස් ගත් දැව සංස්ථා නිලධාරියා අවුරුදු 10ක් හිරේට දැව කඳන් ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 06 October 2017
දිවුලපිටි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(6) නියෝග කළේය. 06 October 2017
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. 06 October 2017
හොරෙන් ඉතාලි ගොස් ආපසු එවූ ලාංකිකයාට ඇප ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට ගොස් ව්‍යාජ ඉතාලි හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිටියදී ඉතාලි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ආපසු හරවා එවන ලද අයකු අද(6) කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සමට එරෙහිව සුමන්තිරන්ගෙන් පෙත්සමක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අද(6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 06 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026