(විනීතා එම් ගමගේ)
මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය ගෙවීගිය 2017 වසරේ දී රෝගීන් 52 දෙනෙකුට වකුගඩු බද්ධ කර ඇත.
මේ වසරේ බද්ධ කළ වකුගඩුවලින් 23 ක් මොළය මියගිය රෝගින්ගෙන් ලබාගත් ඒවා යැයි ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට පැවැසීය.
2016 වසරේ මොළය මිය ගිය රෝගීන්ගෙන් වකුගඩු ලබාගත හැකිවූයේ හයක් පමණක් බව කී හේවගේ මහතා ජනතාව දැනුම්වත් වීම නිසා මේ වනවිට වකුගඩු ලබා දෙන පිරිස ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍ය සංචාරක කර්මාන්තය දියුණු වෙනවට ඉන්දියාව ඉතා අකමැතියි. එවිට බාල ප්‍රමිතියක් ඇති ඔවුන්ගේ සේවාවලට වඩා ඉහල ගුණාත්මක බවක් ඇති ලංකාවට ඉන්දියාවෙන් මෙන්ම වෙනත් රටවලින් වෛද්‍ය සේවා ලබාගැනීමට පැමිණෙනවා. මේ නිසා වෛද්‍යවරුන්ට අභූත චෝදනා නගමින් විදේශිකයන් සඳහා මුදලට මෙම සේවා ලබාදීම ඉන්දියාවේ මැදිහත් වීමෙන් නවතා දැමුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේකට හවුල්.
මේක අගය කලයුතු ප්‍රවණතාවයක් නමුත් අපි අමතක කරන්න නරකයි...... අපේ රටේ ම උතුරු මැද අහිංසක ජනතාව ගෙන් වැඩි හරියක් තවමත් "ඊනියා " හඳුනා නොගත් " වකු ගඩු රෝගයෙන් මියයන බව. මේ ළඟදි වර්තාවක කියවුණා ප්‍රධාන රෝහලක් වන හොරොව්පතාන රෝ හලේ කායික විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයෙක් නැහැ කියල . විශ්ෂයෙන් " end stage " එකේ ඉන්න වකු ගඩු රෝගියෙකුට විශේෂඥ ප්‍රතිකාර අවශ්‍යයි .