වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව අද ප්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලූවට ඉදිරියේදී විසදුම් ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පොළොන්නරුව වෙහෙරගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
වනජීවි දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය හේතුවෙන් අලි වැට ඉදිකිරීම ඇතුළු කටයුතු පසුගිය කාලය තුළ ප්‍රමාද වී තිබූ අතර ඉදිරි වසරේ සිට එම කටයුතු විධිමත් අයුරින් සිදු කෙරෙණු ඇති බව ද සිරිසේන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, ඉතාමත් කලෝචිත දෙයකට අත දැමීම ගැන මුලින්ම සුභ පතනවා.. හැබැයි තවත් ප්‍රමාද වුව හොත් ඉතිරි ඇතුන් ටිකත් ඉවරයි. ඒ නිසා මේ කටයුත්ත ප්‍රමාද නොකර කරයි කියලා අපි බලන් ඉන්නවා.. ඒ වාගේම අලි ඇතුන්ගෙන් බැට කන ජනතාවටත් කඩිනම් සහන සලසන්න වුවමනා බවත් මතක් කරනවා...
ඇතුන්, දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කරන්නත් වැඩ පිළිවෙලක් සකස් කරන්න.
විදුලි වැටවල් සවිකිරීම පිළිබඳව සම්පූර්ණ නිරීක්ෂණයක් කළ යුතුයි. අවශ්‍ය උපදෙස්, උපකරණ සහ ආධාර දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ ටැන්සානියාව වගේ රටවලින් ලබාගත යුතුයි. ඒ රටවල දැවැන්ත සතුන්ගෙන් ගම්මුන්ට වන හානිය වළකාලීමටත්, ජීවත්වීමටත් හැකිවන අන්දමට ආරක්ෂක විදුලි වැටවල් සවිකර ඒවා නිසි පරිදි නඩත්තු කරන ආකාරය අපි දැක ඇත්තෙමු. වැඩේට වියදම් කරන මුදල් වලින් ගසා නොකා නියමිත අන්දමට වැඩේ කළොත් විදුලි වැටවල් සවිකිරීම ඒ තරම් අපහසු රාජකාරියක් නොවන බවද අපට වැටහුණි.
අලින් වාසය කරන වනාන්තරවලට යාබදව තිබෙන සියලු කෘෂිකාර්මික ජනාවාස වටකොට අලි වැටවල් ඉදිකිරීම ප්‍රයෝගික දෙයක් නොවේ. කල යුත්තේ වල් අලින්ගේ ජනගහනය අඩු කිරීමයි. මේ සඳහා කල හැකි දේනම්, රට තුල හැකියාවක් ඇති අයට අලින් ඇති කිරීමට අවසර දීම සහ ඉල්ලුමක් ඇති පිට රටවලට මේ අලින් අල්ලා යැවීමයි.
වනාන්තර විනාශ වෙලා... අද වෙනකොට වනසංරක්ෂණ.. මේ හැම කට්ටියම පොඩිමිනිහගේ වත්තේ තියෙන ගහක් කප්පා ගන්න යනකොට තමයි ඔක්කොම නීති. වනාන්තර ඔක්කොම ආරක්ෂක හමුදා බාරයට දිය යුතුයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවුරුදු 70 කට ආසන්න අත්දැකීම් හා දැනුම තියෙනවා. අද සතෙක්, කුරුල්ලෙක් ඉතුරු වෙලා ඉන්නවා නම් ඒ එවැන්නවුන් නිසා මිසක් දේශපාලකයෝ, එන්ජීඕ කාරයෝ නිසාවත් වෙන බක පණ්ඩිතයො නිසාවත් නෙවෙයි. මේ වෙන කොට වනජීවී එකේ කොල්ලො 72 ක් රාජකාරියෙ යෙදී සිටියදී මැරිලා තියෙනවා. කරන්න ඕනෑ අනවශ්‍ය ඇඟිලි ගැහිලි නවත්තලා ඒ රාජකාරිය නිදහසේ කරන්න අවස්ථාව දෙන එකයි. අද වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමත මණ්ඩලයෙන් තුනෙන් එකක් හිස්. ඉහල තනතුරුවල ඉන්න අයට අවුරුදු විස්සකින් ප්‍රමෝෂන් එකක් දීලා නෑ. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි ...!
ටුවරිස් හොටෙල් වලට මස් සපයන දඩයක්කාරයන් අලි, ඇතුන්ගෙන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම සුදුසුයි !!!
එක්තරා නාලිකාවක පෙන්නුවා යාල බලන්න සංචාරකයන් විඳින දුක... පැයගාණක් රස්තියාදු වෙනවා. වෙන මොනවටවත් නෙවෙයි ටිකට් ගන්න පෝලිමේ... හේතුව එක ටිකට් කවුලුවයි තියෙන්නේ. සංචාරකයන්ගෙන් විශාල මුදලක් ගාස්තු වශයෙන් ලබාගන්නවා නම් ඇයි බැරි ඔවුන්ට පහසුකම් සපයන්න ඇයි බැරි ටිකට් කවුළු ප්‍රමාණය වැඩිකරන්න. ඔවුන් රැඳී ඉන්න අතරේ ඔවුන්ට වැසිකිලි පහසුකම් නැහැ. තියෙන ඒවත් නහය තියාගෙන ඉන්න බැහැ.. පිරිසිදු කරන්නේ නැහැ... එක්කෝ හිටියත් හරියට හෝදන්නේ නැහැ. මේවා බලන්න කෙනෙක් නැහැ. කට්ටියගේ කතාවනම් තියෙනවා ලෝකෙත් අල්ලන්න..ගිහින් බලන්න ඩුබායි රටේ සංචාරක කර්මාන්තය කොහොමද කරන්නේ කියලා, ඩුබායි රටේ විශ්ව ගම්මානය (ග්ලෝබල් විලේජ්) ටිකට් කව්ළු විතරක් තියෙනවා 21 ක්. එයට අමතරව අන්තර්ජාලය හරහා ලබගන්න පුළුවන්.. ඇයි අපට බැරි ඒ දේවල් කරන්න? අන්තර්ජාලය හරහා ටිකට් ලබාදෙන එක ලොකු වියදමක් යන දෙයක් නෙවෙයි.. සංචාරයකයන් යන සියලුම තැන්වල වැසිකිලි පහසුකම් වැඩිකරලා පිරිසිදුව තියාගන්න උපදෙස් දෙන්න. සාර්ථක ජනාධිපතිවරු නම් පෞද්ගලිකවම මේ ගැන සොයා බලනවා. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මේවට ගිහින් බලන්න වැරදි වලට නිලධාරීන්ට තදින් අවවාද කරන්න.
ජනාධිපතිතුමනි, වන ජීවී පමණක් නොවෙයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ප්‍රතිසංස්කරණය කරන්න. ක්ෂේත්‍ර නිලධාරීන්ට වුවමනා තරම් වාහන නැහැ. නිල නිවාස නැහැ. ප්‍රමාණවත් තරම් සංචාරක බංගලා නැහැ. ගමන් ගාස්තු ප්‍රමාණවත් නැහැ. බී.එෆ්.ඕ මහත්වරුන්ට සුදුසු නිල ඇඳුමක් සකසන්න. ඒවා නිසි අයුරින් නිකුත් කරන්න. වෙනත් රටවල වන නිලධාරීන් හරි සතුටින් සිය රාජකාරී කරන්නේ ඔවුන්ට අවශ්‍ය සියල්ල ලබා දෙන නිසයි. හොඳ වැටුපක්, වාහනයක්, ගිනි අවියක් සුදුසු නිල ඇඳුමක් ලබා දෙනවා නම් ඇතැම් නිලධාරීන් කරන අල්ලස් ගැනීමත් නවතීවි. වනාන්තරත් ආරක්ෂා වේවි. 90 ගණන්වල තිබුණා වගේ අඩවි වන නිලධාරීන්ව යටතේ වන ආරක්ෂක පොලිසියක් ස්ථාපිත කරන්න.
මේ යෝජනා කරන්නේ ඇත්තටම කරන්න අමාරු දෙයක්... දැනට අලින් වාසය කරන වනාන්තර හැකි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරන්න එලිෆන්ට් කොරිඩෝර් මගින්. ඒවා මහාමාර්ග හරහා යන ස්ථාන වල ගුවන් පාලම්, එළිවේටඩ් රෝඩ්ස් ඉදිකරන්න වේවි. ආරම්භයක් ලෙස ලඟම පිහිටි වනාන්තර දෙකක් මෙලෙස යා කර බලමු. අලින් ගම්වදින එක නතර කල හැකි සාර්ථකම ක්‍රමය මෙයයි.
කවදාකවත් නැති විදිහේ උනන්දුවක් තමයි දැන් තියෙන්නේ... අනේ හැමදාම ඡන්ද තියනවා නම්...