(මුදිතා දයානන්ද)
බැඳුම්කර කොමිසමේ වාර්තාවත් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොයවා දුෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (1) පැවසීය.
කෝප් කමිටුව රාජ්‍ය ආයතන 17ක සිදුවු වංචා, දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ දක්වා ඒ වාර්තා වලට අනුව නීතිමය ක්‍රියමාර්ග ගන්නවා තියා ඒවා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැහැ. ඒ නිසා අපිට සැකයක් තිබෙනවා මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවු වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තත්වයකට උදාවෙයිද කියලා.
අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා මේ වාර්තාවත් අනෙක් වාර්තා මෙන්ම හමස් පෙට්ටියට දමා පුරුදු පරිදි වැඩකරගෙන යන්නේ නැතිව වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස. එසේම මේ වාර්තා ජනතාවට කියවිය හැකි පරිදි ඉදිරිපත් කරන ලෙසද අපි ඉල්ලා සිටිනවා යැයි දිසානායක මහතා කීවේය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙසේද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් කොමිසම්වල ඒවා ක්‍රියාත්මක නැතිනම්, මේක විතරක් මොකට ඉක්මන් කරනවද? ඔයාලට ඕනේ බොරු චෝදනා කරලා ඡන්ද කඩා ගන්න. හුඟක් දෙනෙක් දන්නවා මෙතන කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. ඔයාට වැඩ කොච්චර නම් හොයන්න ඕනෑ ඒවා තියෙනවද? හැමතිස්සෙම එකක් අල්ලාගෙන ඉන්නවා.
මේ මහා වංචාව හෙළිදරව් කිරීමේ සම්පූර්ණ ගෞරවය අනුර කුමාර, හඳුන්නෙත්ති ඇතුළු ජ.වි.පෙ. මන්ත්‍රී වරුන්ට හිමි විය යුතුයි. ජනාධිපතිතුමනි, අනෙක් හොරකම් හෙළිදරව් කිරීමටත් මෙවැනිම කොමිෂන් වහාම පත් කරන්න.
ඒ හමස් පෙට්ටියේ දැනට 2015න් පස්සේ හදාපු ෆයිල් පිරිලා නිසා ඉඩ නැතිලු. ඒ නිසා අලුත් එකක් හදලම එ්කට දානවාලු.
ඡන්දෙට ඉස්සෙල්ලා ඕක ප්‍රදර්ශනය කරලා ඡන්දෙන් පස්සේ ඕක අනිවාර්යයෙන්ම කුණු කුඩේට දමනවා. අනේ අපේ බදුසල්ලි... අපේ ලොක්කන්ගේ සුරඟන කතා සම්බන්ධව මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ. ඕවා කරන්න අපේ ලොක්කට වෙලාවක් නැහැ. මළගෙවල්, මගුල් ගෙවල්, විවෘත්ත කිරීමේ උත්සව වැනි වැදගත් දේවල්වලට එය සහභාගී වෙන්න ඕනේ...
බැඳුම්කරයෙන් තමයි ජෙප්පන් ගොඩයන්න හදන්නේ.. බැඳුම්කර වංචාවට දඬුවම් කිරීම අනිවාර්යයි. නමුත් ඡන්දෙකදී තම පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කර තම සැලසුම් ගැන කතා නොකර එකක් අල්ලාගෙන නටනවා. මේක තමයි ජෙප්පන්ගේ ඒදා වේල දේශපාලනය කියලා කියන්නේ.
ඕකේ මොකුත්ම ඡන්ද වාසියක් නැතුව ඇති. ඕකත් එක විදියක කොළ ගොඩක් විතරයි මගේ හිතේ
ලංකාවේ හමස් පෙට්ටි පිරිලා ඉතිරිලා හින්ද තමයි මාලිගාකන්ද කුණුගොඩ ඔච්චර විශාල වුනේ .
අනුර අත අරින්න එපා. මෙය ඉදිරියේදී බලයට පත්වෙන පුද්ගලයන්ට ආදර්ශයක් වියයුතුය.
බැඳුම්කර වංචාව පිලිබඳව ඔබ තුමා කටයුතුකළ ආකාරය ප්‍රසංසනීයයි. නමුත් ජනාධිපතිගෙන් නම් මෙයට සාධාරණයක් වෙයි කියල හිතන්න බැහැ. රාජපක්ෂ යුගයේ තිබුණ හොරකම් ගැන මොනතරම් කයිය ගැහුවද?. ලසන්තවයි තජුදීන් වයි මළවුන්ගෙන් නැගිට්ටුවා. කවුරුවත් දඬුවම් ලැබුවද?. බන්දුම්කරේට කලින්නේ ඒවා උනා කියන්නේ? ඔය වාර්තාව පෙන්න පෙන්න ඡන්ද කඩාගන්න උත්සහ කරයි. ඡන්ද දායකයට මේ තරම් ඉක්මනින් එපා වුන ජනාධිපති කෙනෙක් තවත් නෑ . ජනාධිපතිගේ බයිලා අහන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. ඔහොම යමු.