නිමල කොඩිතුවක්කු
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත්‍රයක් සකස් කරන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඞී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද පැවසීය.
ජාතික ආණ්ඩුව පවත්වගෙන යාම ඇතුළු වැදගත් දේශපාළන තීන්දු තීරණ රැසක් මේ වසරේදී දී ගැනීමට නියමිත බවත් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබද තීරණයක් ගන්නා බවත් ඔහු කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම 2018 වසරේ තම ඉලක්කය බවද ඒ මහතා පැවසීය.
තනි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට තිබූ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ කිහිපදෙනෙකුගේ විරෝධය නිසා අසාර්ථක වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් දෙන්නෙක් වෙන්නේ කොහොමද. පොදු ජන පෙරමුණෙන් ලිඛිතව ඉදිරිපත් කරපු ප්‍රධාන කොන්දේසිය යූඑන්පී එකට මුක්කු ගහන්නේ නැතිව ඉවත් වෙලා එන්න කියන එක. ඒකට හිත දුන්නේ නැති එකනේ එකතු වෙන්න බැරි හේතුව වුනේ.
ඉතින් ඔය ඔබතුමා ඇතුළු නිදහස් පක්ෂේ නේද 1994 ඉඳන් මේ රට පාලනය කෙරුවේ 2015 හැදුව ආණ්ඩුවේත් නිදහස් පක්ෂේ ඉන්නවා නේද ? නිදහස් පක්ෂේ 2018 අලුතෙන් ආණ්ඩුවක් පිහිට වුවත් එකෙත් ඉන්නේ ඔබතුමා ඇතුළු පරණ ටිකම නේද ? ඉතින් ජනතාවට ඇති සෙතේ කුමක්ද ? අවරුදු 20 වැඩි කාලයක් ඔබතුමාලා කෙරුව කෙරුවාව අවසානයේ රට අන්තිමටම වැටි ඇත. දැන් පුලුවන්නම් ජවීපෙට ඡන්දෙ දීල විපක්ෂේටවත් යවන්න උත්සහයක් දෙමු .
2020 ඡන්දේ වෙනකන් ඔහොම එක එක කතා කියකිය ඉඳල , 2020 ඡන්දෙදි පක්ෂ දෙකෙන් වෙනම ඡන්දෙ ඉල්ලලා ඡන්දෙන් පස්සේ එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදල , දෙමල සන්ධානෙට නැවත විපක්ෂ නායක කම දීල රටේ තවදුරටත් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්න මේ ගොල්ල හදන්නේ .... එක අතකින් පොහොට්ටු කාරයෝ කියන කතාවේ සාධාරනයකුත් තිබෙනවා , ඔවුන් කියන්නේ ඔය ජාතික ආණ්ඩුව හොඳ නැතිනම් , කෙදිරිගාග ඉන්නේ නැතුව ගිවිසුමේ තිබෙන පරිදි දෙසැම්බර් 31 පස්සේ ඕකෙන් අස්වෙලා ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න.
ඇමතිතුමාට චුට්ටක් වැරදිලා. ශ්‍රීලනිපයට න්‍යාය පත්‍රයක් ඇත. ඒ UNP අලියාගේ වලිගෙ එල්ලී සිටීම.
තියෙන නියාය පත්‍රයට වැරදිලාද? ඔහෙලා ඕවා කරල ඉවර වෙන කොට අවුරුදු පහ ගෙවිලා, රටට කිසිම වැඩක් කරල නැහැ. කරල තියෙන්නේ මිනිසුන්ව කොල්ල කාපු එක විතරයි.