(චමිල් රූපසිංහ)
ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (1) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය.
පසුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ සුව දුක් විමසූ අතර, උන්වහන්සේලාද සෙත් පිරිත් සජ්ඤායනා කර උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
ආශිර්වාද ගැනීමෙන් පසු ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ සිටි සැදැහැවත් ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත වූ අතර ඔවුන් ද උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සුභාශීංසන එක් කළේය.
අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කියපු කඩුවත් ඉනේ ගහගෙනද වන්දනාවේ ගියේ?
රටේ ප්‍රථම පුරවසියාවූ ගරු ජනාධිපති තුමාටත්, එතුමාගේ පවුලේ සියලු දෙනාටත්, කාර්ය මණ්ඩලයටත් ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහත්මයාටත්, එසැන කර්තෘ මණ්ඩලයටත් ලංකාදීප පාඨකයින්ටත් 2018 වසර ඉතාමත් සඵලදායක ප්‍රීතිමත් මෙන්ම වාසනාවන්ත නව වසරක්ම වේවා !