නිමල කොඩිතුවක්කු
බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක් නොලැබෙන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කදුරට උරුමය පිළිබ`ද අමාත්‍ය එස් බී දිසානායක මහතා අද(01) පැවසීය.
බැදුම්කර වාර්ථාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ශේෂ්ඨ ක්‍රියාවක් බවත් කවුරු වැරදිකරු වුවත් ඔවුන්ට ජනාධිපතිවරයාගෙන් ගැලවීමක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුවේ කුමන තරාතිරමක් දැරුවද ඔවුන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනා එක එක තැන එක එක කතා කියලා අපිව අන්දන්නේ නැතිව අදාළ අය වහාම අත්අඩංගුවට ගෙන නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුයි.
වැරදිකරුවන්ට දඬුවම් කල යුතුයි. එහෙත් ඊට පළමුවෙන් පරණ හොරුන්ට, අපරාධකාරයින්ට දඬුවම් දීම කල යුතුයි. නේද. ඔය ඉහලින් කතා කරන උන්නැහෙත් එයින් එක්කෙනෙක් නොවේද?
කියනවා වගේ කරනවානම් තමයි හොඳ. බලමු මොකද වෙන්නේ කියලා. හොරු ඇල්ලුවා වගේම වෙයිද දන්නෑ
එක එක්කෙනා එක එක දේවල් කියනව. තවම ඒ අය දන්නවද කවුරු හරි වැරදිකරුවන් වෙලාද කියලා. වාර්තාව තවම ප්‍රසිද්ධ කරලා නැහැනේ. වරදක් වෙලා නැහැ කියල තියෙනවද කියලා තවම දන්නේ නැහැනේ.
ඡන්ද ගුණ්ඩුවක් කරන්න එපා...
ඒ කියන්නේ හොරු පත්කරපු අයටත් ගැලවීමක් නැද්ද? මහබැංකු හොරු හිටියටත් වඩා හොඳින් ගෙදර යනවා.
හොරුන්ට දඬුවම් දීම පමණක් මදි නැවත සිස්ටම් එක යථා තත්වයට ගෙන පුද්ගලික සමාගම්වලට යන මහජන ධන සම්බාරය නවත්වන්න ඕනේ. නඩු කියන්න කෝටි ගණන් වියදම් කරන්නෙත් අපේ සල්ලි.
ඇමතිතුමනි, එතකොට අර කොළොඹ විශ්ව විද්‍යාලයට ද්‍රවිඩ පවුලක් කොළොඹ 7 න් නිවාසයක් පුජා කරපු වෙලාවේදී, ඒ අවදියේ උසස් අධ්‍යාපන ඇමති ධූරය දරපු ඇමතිවරයා එය තමාට ලියාගත් බවට තියන චෝදනා වලින් ඒ ඇමතිවරයා නිදහස්ද?
කොමිසමක් පත් නොකරම දඩුවම් නියම කරන්න බැරිද අඩු වියදමකින්. ණයවලින්ම දුවන රටක නව නීති සකස් කළ යුත්තේ මුල්‍ය කළමනාකරණයක් සහිතවම නේද?
හොරුන්ට පමණක් නොවේ, හොරු පත්කල අයද දඩුවම් ලැබිය යුතුයි. ඒ අය දැන් හැසිරෙන්නේ හරියට අපි හොරුන්ව පත් කලා වගෙයි.
මේ දැන් බොරු දෙබස් එපා. වැඩේ කරලා පෙන්නනකො. අනික දැන් මුදල් වංචාකාරයෝ වැහි වැහලා.
මේ හැමකෙනෙක්ම අවුරුදු ගානක් ඉදල රට හදනවා. හොරමැරකම් වලට දඩුවම් දෙනවා. ආපස්සට හැරිලා බැලුවොත් ලැජ්ජයි. රටේ නීතියක් තිබුනද ? රටේ නීතිය, දේශපාලනය කරන අයගේ අතට අරගෙන මේ කරන්නේ විහිලුවක් නේද ? බලයේ හිටි හැම කෙනෙකුටම ඔච්චර දේපලක්, මුදලක් ලැබුනේ කොහොම ? ප්‍රාදේශීය සභා වල ඉන්න අයගේ පඩිය කීයද ? යන වාහනය කොහොමද ? ඒ හැම කෙනෙක්ම ජනාධිපති හා සමානයි.දෙයියෝ සාක්කි.
කව්ද ඉතින් වැරදි කාරයෝ
පෙර හොරු අල්ලන්න කලින් ආණ්ඩුව ඇතුලෙ ඉන්න හොරු එලවන්න මහත්තයෝ. අනික තමා දැන් පුංචි ඡන්දය ලගයිනේ ගේමක් ගහන්න මේ වගේ. මම කියන්නේ ජාමේ බේරගන්න. හැබැයි එක ප්‍රස්නයක් ඔබ තුමන්ලා ආණ්ඩුව අරගත්තට පස්සේ රටේ ආර්ථීකය විනාශම කලා. රටේ ආර්ථීකේ පැත්තක තියන්නකො මොනවද කරපු සංවර්ධනය රටේ.
අපි දන්නවනේ ජනාදිපති තුමාගේ වැඩ දැන් අපේ රටේ පොලිතින් නැහැ ඇස්බැස්ටෝස් නැහැ කියපු දේ හරියටම කල එකම ජන නායකයා.
එතකොට හන්ගුරන්කෙත සමෘර්ධි මාලිගාවට ගැලවීමක් තියනවා නේද?
මේ තවත් කටින් බතල හිටවන්නෙක්. දෑන් අවුරුදු ගානක් මෙයත් අර පෑත්තට - මේ පෑත්තට පෑන - පෑන බතල හිටවනවා. මේ අය වෑඩ කරන අය නෙවේ, මේ ඈවිත් තීයෙන්නේ, "සුඛෝපබෝගී රස්සාවකට".
ඔව් ඔව් බැඳුම්කර හොරුන්ට දඬුවම් දීල ඡන්දෙ පැරදිලා පාර්ලිමේන්තුවට රිංගන් ඉන්න එවුන්වත් දොට්ට දාල එළවිය යුතුයි.
මෙයා අතින් පෙන්වන්නේ බොලේ පාස් කරන විදිහද බොලේ අල්ලන විදිහද? මෙයා ඔය දෙකටම දක්ෂයි.