දයාරත්න ඇඹෝගම
තන්තිරිමලේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබූ බට්ටා වර්ගයේ වැන් රථයක් අද (31) අනුරාධපුර ලොලුගස්වැව ප්‍රෙද්ශයේදි පෙරලිමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ තන්තිරිමලේ පේමඩුව ප්‍රෙද්ශයේ පදිංචි පිරිමි පුද්ගලයන් නව දෙනෙකු සහ කාන්තාවකි.
මෙම පිරිස අද (31) තන්තිරිමලේ පේමඩුවේ සිට අනුරාධපුර දක්වා වන්දනාවේ පැමිණෙමින් සිටියදි රථයේ වේගය පාලනය කරගත නොහැකිව ලෝලුගස්වැව හන්දිය අසලදි පෙරලි ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd