න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට නොහැකි වනු ඇති බවත් උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි.
පටිගතකර විකාශනය කර ඇති මෙම පණිවුඩයෙන් ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේ,
“මෙය තර්ජනයක් නොවේ, මේක තමයි යථාර්ථය, ඇමරිකාව සිටින්නේ දකුණු කොරියාවේ න්‍යෂ්ටික පරාසය තුළ“ බවයි.
කෙසේ වුවද තමා සාකච්ඡාවට සූදානම් බවද උතුරු කොරියානු ජනපතිවරයා මෙම නිවේදනයෙන් අඟවා ඇත.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ දකුණු කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් තරඟාවලියට ද තම රටෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියානු ජනාධිපතිවරයා දරදඩු යයි කියන බටහිරයන්, ඔහු ධනාත්මක අදහසක් පවසා තිබියදී ඉන් ප්‍රයෝජනයක් නොගන්නේ නම් එම බරපතල වරද පැටවිය යුත්තේ උඩගු බල ලෝබී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටය.
උතුරු කොරියනු ජනාධිපතිවරයාත් ට්‍රම්ප්ට නොදෙවෙනි උද්ධච්ච ගණන්කාරයෙකි. සිතාගන්නට ඔහුගේ මෙම පාරම්බැමම ප්රමාණවත්ය.
මෙම දෙපැත්තේම තර්ජන නිසා ඇමෙරිකාවේ ආයුධ වෙළදාම සැලකිය යුතු මට්ටමේ ඉහල යෑමක් සිදු වෙලා පහුගිය අවුරුද්දෙ. දෙගොල්ලන්ම අසල්වැසි රටවල් ගොනාට අන්දලා මේ කරන්නේ බිස්නස් එකක් කියල තේරෙන්නේ නැද්ද. ජෙරුසලම ඉස්රාලයේ අගනුවර කියල කියපු එකෙත් යටි අරමුණ මේ වගේම තමා.
කොන්ද කෙලින් තියෙන නායකයෙක්. මම ඔහුට ගරු කරමි. ඔබට ජය.
"තමා සාකච්ඡාවට සූදානම් බවද උතුරු කොරියානු ජනපතිවරයා" කියා සිටින්නේ ඔහු සාමයේ "ඔලිව් අත්ත" අතින් දරාගෙන සිටින සාමයේ සුදු පරවියෙකු බවට ලොවට හඬගා කියන්නටයි ! න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ වුනත් එයට ලඟාවීමට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රප්ම්ටත් එවැනිම බොත්තමක් පණගැන්වීමට හැකියාවක් තිබෙන බව උතුරු කොරියාවේ කිම් ජොන් උන් නම් මෙයාට පසුපස සිටින හමුදා ලොක්කන්ට බැරිද ?
ඔව්නේ ලෝකේ විනාස කරන්න ඉතින් කවුරු හරි බොත්තම් ඔබන්න එපැයි. අර ජපානෙට දාපු බෝම්බය අච්චර විනාසයක් කරානම් දැන් මේ කරන්න යන වැඩේ හිතා ගන්නවත් පුළුවන් වෙයිද. මෙයා හිතන් ඉන්නේ උතුරු කොරියාව විතරක් ඉතුරු වෙයි කියලනේ .
අන්න පාලකයෝ
කොරියානු ජනතාවට (උතුරු හා දකුණු ) එක් වී සවිමත් රාජ්‍යයක් සැදීමට ඉඩ නොදී, මිනිස්සු හිර ගෙදර වල ගාල් කර, ලී කුඩු කන්න දිදී, ජනතාවට දස වද දෙන ඒකාධිපතියා. ලෝකය ඔය තර්ජන වලට බය වෙන්නේ නැහැ.
කුමන ජාතියක් වුවත් තමන් බලවත් ජාතියක් වීමට කැමතිය. උතුරු කොරියාව වුවද සිදු කරන්නේ එයයි. අැමරිකාවට ඊට අකුල් හෙලීමට අැති අයිතිය කුමක් ද? කොරියානු යුධ සමයෙ සිද්ධි හැරුනු විට උතුරු කොරියාව කිසිදු රටකට පහර දී නොමැත. එහෙත් අැමරිකාව මේ වන විට රටවල් කීයක් විනාශ කර තිබේද? බලගතු රටවල් විනාශකාරි ආයුධ රැස් කර විනාශකාරි දේ සිදුකර තම අරමුණ ඉටුකරගත් පසු අනෙක් රටවලට නීති පනවනවා එ්වා නොකරන ලෙසට. එය කෙතෙක් සාධාරණද? තමන්ට සම්බාධක පනවා ජනතාව බඩගින්නේ තබා අාර්ථික වශයෙන් මිරිකන විට උතුරු කොරියාවට හැකියවක් අැත්නම් අැමරිකාවට පහරදීම අසාධරණ නොවේ. අැමරිකාවටත් ඔවුන්ගේ මිතුරන්ටත් අදාල නොවන ජාත්‍යන්තර නීති අනෙක් රටවලට විතරක් අදාල වෙන්නේ කොහොමද? අැමරිකාවට වුවමනා අනික් රටවල ජනතාව හාමතේ මිය ගියත් තම ජනතාව පෝෂණය කිරීම. එ්කනේ ජනතාව හාමතේ මිය යද්දි අතිරික්ත අස්වැන්න මුහුදට දමන්නේ. අාධාර දෙන මුවාවන් කරන්නේ යටිකූට්ටු වැඩ.
උතුරු කොරියානු ජනාධිපති, ඇමරිකානු ජනාධිපති කවුද ? මේ ඉන්නේ වැඩ කාරයෝ ටික... ඒ දෙන්න මේ පොස්ට් ටික බැලුවොත් සියදිවි හානි කරගන්නවා ෂුවර්..
අපිට තියන ලොකුම ප්‍රශ්නේ මේක තමා සාකච්ඡා කරන්න , ලංකාව තාම තුන්වෙනි ලෝකේ රටක් හැටියට තියෙන්නෙත් ඕක තමා අදටත්. ඔක්කොටම ඉස්සෙල්ල ඡන්ද දායකය බුද්ධිමත් වෙන්න ඕන.
සාමය වඩාත් හොඳයි........ යුද ජය තාවකාලිකය.... යුද්ධය ලොව සියලු ජීවිත දේපොළ විනාශ කරයි.... යුද වියදම් අනිකුත් රටවල දියුණුවට බාධා කරයි............