(චන්දන ප්‍රනාන්දු)
ජපානයේ ටෝකියෝ නුවර නිහෝන්සායි ඩයිහකු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ජපන් භාෂා ජාත්‍යන්තර කථික තරඟාවලියේදි එරට අධ්‍යාපනය ලබන ලාංකික තරුණියක් එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ.
මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ රාගම පදිංචි ගම්පහ යසෝදරා බාලිකා විදුහලින් අධ්‍යාපනය ලබා කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරිණියක් වු විමුක්ති මාධවී ඇහැලේපොළ නම් 25 හැවිරිදි තරුණියකි.
වසර 2ක පමණ කාලයක සිට එරට විශ්ව විද්‍යාලයක ග්‍රැෆික් හා ඇනිමේෂන් තාක්ෂණවේදි උපාධියක් හදාරන ඇය මෙම තරඟාවලියට විවිධ රටවලින් එක්වු 1800 ක් සිසු සිසුවියන් අතරින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.
ජපානයේදී මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ලාංකික තරුණිය ඇය බව වාර්තා වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබට සුබපතනවා. අපේ රටට ගරුත්වයක් ලබාදීම ගැන..
පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
ඇහැලේපොළගේ මී මිණිබිරියක් වෙන්ට ඇති... සුබ පැතුම්...!!!
මහින්ද, රනිල්, මෛත්‍රි වගේ දේශපාලකයන්ගේ නිව්ස් හැමදාම අහලා අප්පිරියාවෙන් උන්නු වෙලාවක අලුත් අවුරුද්දේ... මේ වගේ රටට නමක් ගේනවා රටක් වටිනා දියණියට ගෞරව උත්තමාචාරය!!!
ලාල් ගේ කටේ නං දාන්න ඕනෑ මොනවද කියලා හිතාගන්න බැහැ.
දක්ෂකම වගේම හරිම ප්‍රිය මනාප සුන්දර යුවතියක්... අඟර දඟර දාන අපේ ඉන්ස්ටන්ට් නිළියන් පරාදයි. ඔබට සුබ පැතුම් !!!
මෙහෙම විශ්ව විද්‍යාලයක් ගැන මම නම් අහල නැහැ. කොහොමත් ජපන් වලින් දයිගකු කියන්නේ විශ්ව විද්‍යාලය කියන එකටයි. නිහොන් දයිගකු කියල එකක් නම් තියෙනවා. මෙයා මෙවැනි තරඟයක් දිනපු පලවෙනි ශ්‍රී ලාංකික කාන්තාව වෙන්න ඇති... නමුත් ජපන් භාෂා පදනම මගින් වාර්ෂිකව පවත්වන කථික තරඟයෙන් දිනපු ශ්‍රී ලාංකිකයන් ඕනෑ තරම් ඉන්නවා.
අනේ කොහොම වුනත්, කොහෙන් ලැබුණත් මේ දැරිවියට සම්මානයක් ලැබීම ගැන බොහොම සතුටුවෙනවා. නව වසරට සුබපැතුම් මේ සමගයි .!