(ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කළේ පොලිස් නිලධාරීන් අපහසුවට පත්කිරීමට නොව ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමේ අරමුණින් බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(2) පැවසීය.
මෙම භාවනා වැඩසහන කි‍්‍රයාක්මක කිරීම පිළිබඳ තමන්ට යම් යම් පුද්ගලයින්ගෙන් චෝදනා එල්ල වුවද තමන් මෙය කි‍්‍රයාත්මක කිරීමට නියෝග කළේ පොලිස් නිලධාරීන් ගේ ම සුබසිද්ධිය වෙනුවෙන් බවද පොලිස්පතිවරයා කීය.
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ නව වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම සහ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති උත්සවයේදී ය.
එහිදී පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියේ වැරදි කරන පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරන ආකාරයෙන් ම පොලිසියේ දුෂිත නිලධාරීන් සොයා බලා ඔවුන්ට ද නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළඟදිත් හදිස්සියකට අපේ ලෝකල් පොලිසියට දුරකථන ඇමතුමක් දුන්න වෙලේ මටත් වැටහුනා ඒ අය භාවනාව කැපවීමකින් කරන බව.
දක්ෂ ආදී ධර්මරාජයකු වන පොලිස්පති තුමනි, භාවනාවට වඩා සුදුසු නැද්ද මෙම නිලධාරීන්ට මනා ලෙස කය වෙහෙසවන සහ කායවර්ධන ව්‍යායාම කලොත්. ඔබටම පෙනෙනවා ඇති හොරෙක් සමග දුවන්නට බැරි බඩ තඩි රාළහාමිලා කොච්චර පොලිසියේ ඉන්නවද කියලා. ශරීරය ක්‍රමවත්ව තියාගන්න බැරි මේ අය කොහොමද මනස ක්‍රමවත්ව සකසා ගන්න භාවනා කරන්නේ?
මේක හොඳද නරකද කියන එක කොහොම වුනත් ලංකාවේ අලුත් දෙයක් කරන්න අමාරුයි. සරසවි සිසුන්ට නායකත්ව පුහුණුවක් දෙන්න ගිහින් අවසානේ මොකද වුනේ?
ඇමෙරිකාවේ පොලිස් ස්ථානවල, හිරගෙවල්වල, රජයේ ආයතනවල බෞද්ධ (මයින්ඩ්ෆුල්නස්) භාවනාවට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. බහුතරයක් බෞද්ධ ලංකාවේ ගොඩක් මිනිසුන්ට භාවනාව වහකදුරු වගේ.
විමුක්ති චිකාගෝ මහත්මයෝ, මිනිසුන්ට භාවනාව වහකදුරු නොවේ පොලිසියේ පැවැත්මට අවශ්‍ය අනිකුත් ගුණාංග මීට සමගාමීව දියුණු නොවන නිසා මේ භාවනාව මිනිසුන්ට විහිළුවකි.
හොඳ දේ හොඳයි කියන්න අපේ අයගේ දිව නැමෙන්නේ නැත.
කොහොමත් ලංකාවේ අයට හොඳ දෙයක් පුරුදු කරන්න අමාරුයි. මත්පැන් බීමට පුරුදු වෙන්න කිව්වොත්, කිසිම විරෝධයක් නොපා එක දවසින් පටන් ගනී!
දැන් අපේ පොලිසියේ රාළහාමිලා, රාලහමිනෙලා භාවනාව හොඳට පුරුදු පුහුණු වෙලා නිසා මීට පස්සේ පොලිසියට යන එන කාට කාටත් භාවනා පන්ති පැවැත්තුවොත් හොඳ නැත්ද?
තව ටික කලකින් හාමුදුරුවරු පොලිසියට බඳවා ගත්තේ නැත්නම් පුදුමයි.
භාවනාව අර්ථ දැක්වීමට අනුව කොම්පියුටර් එකේ මයින් ස්වීපර් හෝ සොලිටර් ක්‍රීඩාවත් එක්තරා භාවනාවක් නේද?
ගිහාන් මහත්තයෝ, ඔබ හොඳ දේ හැටියට සලකන්නේ, ඔබට හොඳයි කියලා හිතෙන දේවල්නේ? ඒවා සමහරරුන්ට හොඳ නැති වෙන්න පුළුවනි. නිකං හිත නොහොරොක් කර ගන්න එපා. මේ රටේ පොලිසිය යහපත් තත්වයකට ගන්න කල හැකි දේවල් කොච්චරවත් තියෙද්දී බලහත්කාරෙන් භාවනා කරවන්න හිතන එකත් තුවක්කුවලට පිරිත් නුල් ගැට ගහනවා වගේ වැඩක්!
බාවනා වැඩසටහන ඉතා හොදයි . නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනව . ජන්දිපතිතුමා , අගමැතිතුමා යන යන තැන්වල , බොහෝ ආගමික උත්සවල පුජිත් ජයසුන්දර මහතා ඉන්නවා අපි දකිනවා . මෙතුමා වැඩිපුර කාලයක් මේවට වැයකරලා පොලිස්පතිකම කරන්නේ කොහොමද ?
පුලුවන්නම් පොලිස් කාරයට සිවුරක් වගේ නිල ඇඳුමක් සකස් කරලා දෙන්න එතකොට නම් ඔවුන් සංවර ලෙස ජනතාවට සේවය කරාවි ...මටනම් පෙනෙන්නේ තරුපටි එක්ක ඔය දැන් අඳින යුනිපෝම් එක දා ගත්තම තමයි ඔවුන්ට අමුතු උෂ්නයක් ගහන්නේ .