තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කොළඹ මහ නගර සභාවට තම පක්ෂය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජාතික ජනතා පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම පක්ෂයේ ලේකම් ජනාධිපති නිතීඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතිය පටහැනි බවත් එම නිසා නාම යෝජනා පත්‍රය නැවත භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. එසේම පෙත්සම විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් කොළඹ මහ නගර සභාව සඳහා මැතිවරණක් පැවැත්වීම වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd