රේඛා තරංගනී ෆොක්සේක
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද අල්ලස් ලෙස මරණයට කැප වු හරක් පැටවුන්, කුකුළන් සහ විවිධ භාණ්ඩ ජනතාවට ලබා දුන් සිදුවීම් 93 මැතිවරණ සමය ආරම්භ වීමත් සමග වාර්ථා වු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බඩු බෙදා ඡන්ද නීති උල්ලංඝණය සිදු කරන බව සඳහන් කරන කැෆේ සංවිධාය ඡන්ද දායකයා පිළිබඳ දැඩි කැක්කුමක් අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂයන් තුල දක්නට ඇති බව පැවසීය.
බස්නාහිර පළාත තුල බඩු බෙදා නීති කැඩිම් 17 වාර්ථා වන බව පවසන කීර්ති තෙන්නකෝන් මහතා විවිධ පළාත් වල බැනර් පෝස්ටර් ප්‍රදදර්ශනය කිරීම් දක්නට ලැබුන බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් පැටියෙක් දුන්නම ඡන්දෙ දෙනවනම් උන් මහා හරක් වෙන්න ඕන.
අහන්න දෙයක් නැහැ මිනිහගේ බාල පුත්තුන් ව වෙන්න ඇති මේ බෙදල දීල තියෙන්නේ.
මම හිතුවා වෙස්සන්තර විතරයි දරුවෝ දන් දුන්නේ කියලා බලපිනම් චන්ද අපේක්ෂකයොත් දරුවෝ දන්දෙනවානේ.