වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇතැයි ඇමෙරිකා හමුදාවේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක් අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කණ්ඩායමේ සභාපතිත්වය හෙබ වූ මයික් මලීන් ඒ බව පවසයි. ඇමෙරිකාව අද වන විට උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ ආසන්නයට පැමිණ ඇතැයි පෙන්වා ඔහු දෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ පාලන කඩකප්පල්කාරී ජනාධිපති පාලනයක් යැයි ද හෙතෙම පවසයි.
“මට අනුව උතුරු කොරියානු අර්බුදය දැන් වඩාත් අවදානමක් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අර්බුදය කෙසේ අවසන් වනු ඇත්දැයි කියන්න බැහැ. අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අපි අද උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික අර්බුදයකට යෑමේ ආසන්නයට පැමිණ තිබෙනවා. පෙර කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික අයුරින් අවසන් වෙයි කියලා හිතන්න අමාරුයි. එවන්නකට අවස්ථාවක් නැති තරම්” යැයි ඔහු කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒ.බී.සී පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම කරුණු කීවේය.
මයික් මලීන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ බැරැක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාගේම ඉහළම හමුදා උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මැස්ටර්ට හෝ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලීට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය කරගැනීමට හැකිවනු ඇත්දැයි ද මලීන් ප්‍රශ්න කරයි.
“ඔහු දිගින් දිගටම මේ අයුරින් වචන හරඹවල නිරත වේවිද ? එහෙමත් නැතිනම් මේ ඔහු මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගනීද” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රශ්න කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ කෙනාට කියන සද්ද නැතිව ඉන්න කියල. දැන් නාල තියනව ඇතිනේ.
රුසියාව හෝ චීනය මෙම ප්‍රශ්නයට ඇදෙනු ඇත. එවිට මහා විනාශයක් සිදු විය හැක. කෙසේ වෙතත් අවසානයේ, උතුරු කොරියාව නම් රට ලෝක සිතියමෙන් ඉවත් වි යාවි. මායිම් රටවල් වන චීනය හෝ රුසියාව හෝ දකුණු කොරියාව මෙම භූමිය එක කර ගනීවි. උතුරු හා දකුණු කොරියානු වැසියන් ලක්ෂ ගණනින් මිය යාවි.
අපිට තුන වන ලෝක යුද්දෙත් බලලම මැරිලා යන්න පුලුවන් වෙයි වගේ...
අපිට හාල් පොල් ටිකක් ගෙදර තියාගන්න වෙයි වගේ..............
උතුරු කොරියාවට ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි තිබේද කියා තවම කවුරුවත් දන්නේ නැහැ. " බුරන බල්ලෝ හපා නොකති " කියන්නේ කට කහනවට නොවෙයි. තුන්වැනි ලෝක යුද්ධය ආසියාවෙන් ආරම්භ නොවේවා කියන එකයි මගේ එකම පැතුම !!
නුසුදුස්සා අනවශ්‍ය තැන් වලට පත්වීමේ ප්‍රතිපලය. නැතහොත් වඳුරාට දැලි පිහිය දීමේ ප්‍රතිපලය.
උතුරු කොරියාවේ නායකයත් ඉරාකයේ සදාම් හුසේන් වාගෙද අනේ මන්ද
උතුරු කොරියාවේ නායකයත් ඉරාකයේ සදාම් හුසේන් වාගේද අනේ මන්දා................
ට්‍රම්ප් ට ආවඩපු අපේ සෙට් එක දැන් මොකද වෙන්නේ. වඳුරට දැලි පිහිය සහ නොයෙක් කතා.
හපොයි, තෝරු මෝරු ගහගන්නකොට ලංකාව වගේ හාල්මැස්සෝ තමයි තැලෙන්නේ!!!
පලස්තීනය සම්බන්දව අපි ට්‍රම්ප්ගේ පැත්තේ. උතුරු කොරියාව සම්බන්දවත් අපි ට්‍රම්ප්ගේ පැත්තේ. 1950 ගණන්වල රුසියාව කුබාවේ මිසයිල් සවිකිරීම සම්බන්දව යුද්දයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී එය නැතිවුනා. එහෙනම් මේකට යුද්දයක් කොහොමත් ඇතිවන්නේ නැත. ඒ කාලයේ ප්‍රජාචාරය විෂය කල ගුරු පියා අපේ කුඩා මොළවලට තේරුම් ගන්න හැකිවන සේ කියුබන් ප්‍රශ්නය අපිට කියා දුන්නා. මම කීවා සර් හෙට අනිද්දා ලෝක යුද්දයක් ඇතිවෙනවානම් අපි මොකටද ඉගෙනගන්නේ කියල මගේ ගුරුවරයා පිටට තට්ටුකර කීවා දරුවා කෘෂෙව්ලා වගේ ලෝක නායකයෝ මෝඩයෝ නොවෙයි කියලා. අදටත් එය වලංගුයි. බයවෙන්නෙපා කවරුත් ඔය බොත්තම මිරිකන්නේ නැත. ත්‍රස්තයින් ඉන්න තැනකට මිසයිලයක් ගැසීමට කීදෙනෙක් අනුමත කරන්න ඕනෙද කියා බැලීමට 'ද අයි ඉන් ද ස්කයි' සිනමාපටය නරබන්න
අමෙරිකාවත් උතුරු කොරියාවත් අතර තරගයක් නැත. අවශ්‍ය නම් උතුරු කොරියාව ලෝක සිතියෙමෙන් මකාදමන්ට තත්පර ගණනකින් ඇමෙරිකාවට හැකිය. තුන්වන ලෝක යුද්දයක් කවමදාවකවත් සිදුවන්නේ නැත. උතරු කොරියානු නායකයත් හරියට සදාම් හුසේන් සහ ගඩාෆි වගේම ඉල්ලගෙන කන්න හදනවා. මේ ප්‍රතිචාරයට සමහර අය එකග නොවෙනවා. නමුත් මේක තමා යථාර්තය
උතුරු කොරියාව ස්වෛරී රටක් අැයි අැමරිකාවට යටත් විය යුත්තේ. බලගතු රටවල් විනාශකාරී අයුධ රැස් කර, විනාශකාරී දේවල් සිදු කර තම අරමුණ ඉටු කරගත් පසු අනික් රටවලට නීති පනවනවා එ්වා සිදු නොකිරීමට. අැමරිකාව විනාශකාරී අවි තබා ගෙන අනෙක් රටවල් යටත් වැසියන් සේ තබා ගැනීම සාධාරණද. අැමරිකාව මේ වන විට රටවල් කීයකට පහර දී විනාශ කර අස්ථාවර කර තිබේ ද. උතුරු කොරියාව කොරියන් යුද්ධයෙන් පසු එක රටකටවත් පහර දී තිබේද. අැමරිකාව තම නියෂ්ඨික අවි ඉවත් කරනගමන් උතුරු කොරියාවට ද එසේ කරන ලෙස කීම සාධාරණය. නැත්නම් උ. කොරියාවේ අාරක්ෂාව සහතික කරන්නේ කොහොමද. එම අවි නමැතිනම් අද උ. කොරියාවකුත් නෑ
සඳුන් අපේ එක්කෙනාට වෙන්නේ අලියට උදවු කරන්න ගිය වඳුරාට වෙච්චදේ, අන්තිමට වඳුරාත් ඇතුලේ
එම්බල පෙරේර ලොක්ක! භය නොවෙනු. සිංහයා ලකුණ දරන අපි ඔය සියලුම රටවලට වඩා බලවත් අභිමානවත් ජාතියක් වන්නෙමු. ණය ගැහිල්ලෙන් ඔය සියලුම රටවල් කම්බස් කිරීමට තරම් බලයක් අපට තිබෙන බව අමතක නොකරව!
හොඳින් බැරි උනොත් පරමාණු බෝම්බයක් ගහල හරි ඇමරිකාව මේක දිනනවා.