කාංචන කුමාර ආරියදාස
2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළාය.
මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු නම් මවකි.
දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හිරන්ති සෝලංගආරච්චි මහත්මිය විසින් මේ සාර්ථක දරුවන් උපත සදහා වෛද්‍ය දායකත්වය ලබාදී ඇත .
මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයකි .
මෙම දරුවන්ගේ මව ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ තමන්ට මීට පෙර එක් පුතෙකු සිටින බවත් එම පුතාට වයස අවුරුදු 5 ක් සපුරා ඇති බවයි. එමෙන්ම තම සැමියා කොළඹ ප්‍රදේශයේ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බවත් ඇය කීවාය.
දඹුල්ල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ හෙද සොයුරියන් කියා සිටියේ දැනට අලුත උපන් දියණියන් තිදෙනාට මවගේ කිරි ප්‍රමාණවත් බවත් මව පෝෂණය කිරීමේ කටයුතු සිදු කළ යුතු බවත්ය.
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක මහතා කියා සිටියේ තුන් නිවුන් දරුවන්ගේ මෙන්ම මවගේ ද සෞඛ්‍යය හොඳ තත්ත්වයෙන් පැවතීම නිසා අද දින මෙම පිරිසට රෝහලෙන් නික්ම යෑමට හැකියාව පවතින බව ය.
මෙම දරුවන්ට කවුරුන් හෝ දව් උපකාර කරන්නේ නම් ඔවුන්ගේ ලිපිනය වන්නේ ප්‍රියානි මලීකා ප්‍රනාන්දු අංක 161 පහල ඇරෑවුල දඹුල්ල .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2018 වසර සැමටම සුභ දායකයි .
වාසනාවන්.... රත්තරන් දුවලටත් මවටත් දළදා සමිදු පිහිටත් සියලු දෙවි රැකවරනත් ලැබේවා... වික්ටර් රත්නකයක මහත්මය ගැයූ සුන්දර ගීතය මතකයට එන බැවින් එය අප සැමගේ මතකය අවදි කිරීමට මෙසේ ලියමි. සිරිමා බෝ මැඩ. මුනිඳුන් වැඩ හිඳ..... දස මර සේනා දිනූ බෙලෙන්........ ජයපැන් කරඬුව දෝත දරා..... නිදන්න දූ කුමරීයෝ........
වාසනාවන්!
දරු සම්පත රටකට වාසනාවක්. මේ දරුවන් තිදෙනා ලොවට දායාද කළ මේ තරුණ මවත් එක විධියක වීර වරියක්. මේ දරුවන්ගේ හෙට ගැන සිතාවත් රට කරවන්නන් දුෂණය පිටු දැක දේශයට මෙහෙයක් කරන ලෙස නව වසර උදා වූ මේ මොහොතේ කරුණා වෙන් ඉලා සිටිනවා.
නව වසරේ සුබම සුබ ආරංචියක් සිංහල ජනයාගේ වැඩිවීම.
බැංකු ගිණුම් අංකයක් දෙන්න පුලුවන්නම් හොඳයි. එවිට හැකි අයට උපකාරයක් කල හැකියි ..
ළමයි හදන්න අාර්ථික ශක්තියක් තියෙන මිනිස්සු එක ළමයා හදාගන්න ලතවෙනවා...