තිළිණි ද සිල්වා
2015 සිට 2017 දක්වා ගෙවී ගිය වසර දෙකක කාලය තුළ අධිකරණයෙන් මරණ දඬුවම් නියම සිටි සිරකරුවන් 274 දෙනෙකු ජීවිතාන්තය තෙක් සිරදඬුවම් දක්වා ලිහිල් කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
ඉකුත් 2013 වසර වන විට සියලූ නඩු හා අභියාචන අවසන්ව මරණ දඬුවම ලබා දී තිබූ සිරකරුවන් පිරිසකට මෙලෙස දඬුවම් ලිහිල් කළ බව අධිකරණය අමාත්‍යාංශය විසින් 2017 වසර සඳහා නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දක්වා ඇත.
ඒ අනුව 2015 දෙසැම්බර් 11 වැනිදා සිරකරුවන් 34කටද , 2016 අප්‍රේල් 20 වැනිදා සිරකරුවන් 83කටද , එම වසරේම මැයි 20 වැනිදා සිරකරුවන් 70 කටද , ඉකුත් වසරේ පෙබරවාරි 4 වැනිදා සිරකරුවන් 60කට මෙලෙස වාර 4 ක් යටතේ මරණ දඬුවම් නියම සිටි සිරකරුවන්ගේ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් බවට ලිහිල් කරනු ලැබ ඇත.
මෙලෙස දඬුවම් ලිහිල් කරනු ලැබ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලතල අනුව බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළමු පියවර, තව වසරකින් දෙකකින් යහපත් කලකිරියාවෙන් සිටියා කියා ඔය අයව හිරෙනුත් නිදහස් කරලා ගෙදර අරිවී!!!
අපරාධ සහ මිනී මැරුම් වැඩි මේ කාලේ මෙය එතරම් හොඳ දෙයක් නොවේ. මෙලෙස ලැස්ති වෙන්නේ එක්තරා කුඩු වලට සම්බන්ධ මිනීමරුවෙකුටත් සංචාරක කාන්තාවක් දුෂණය කර ඇයගේ සැමියාව මැරූ කෙනෙකුටත් සමාවක් දෙන්නද?
රටේ මිනිස්සු හැදෙයිද මෙහෙම තියන දඩුවම් ටිකත් ලිහිල් කරාම..
එහෙම වෙන්න මරණ දඬුවම හොර රහසේවත් ක්‍රියාත්මක වෙලා තිබුනද ?