(ශාන්ත රත්නායක)
රජයේ සේවයේ යෙදෙන අයට නිල නිවාස ක්‍රමයක් ආරම්භ කරන බවත් එය ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද(2) 2018 වසරේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරට වැඩ ඇරඹීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් පැවසිය.
‘‘පසුගිය අවුරුදු තුනේ මේ රජයට පුළුවන් වුණා ලක්ෂ 14 ක් වන රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරන වැටුපක් ලබාදෙන්න. අපට ඕනෑ 2018 වර්ෂයේ දුෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමටයි‘‘ යැයි ද ඇමැතිවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්ද පටන්ගන්නෙම බොරුවෙන්, අයවැයෙන් නම් මුදල් වෙන්කරලා නෑ...........
අම්මප. එතකොට ගුවනට යන්න මොකක්ද දෙන වාහනේ?
අපට ඕනෑ 2018 වර්ෂයේ දුෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමටයි,
මේවට සල්ලි හොයන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් කිව්වා නම් නේද හොඳ?
නිල නිවාස නෙවෙයි...තමන්ගේම නිවසක් හදාගන්න උනන්දු වෙන්න.... රජයේ සේවකයන් කම්මැලිකමට අයිස් ගහමින් සිට තමන්ට කියා නිවසක්හදා ගන්න උවමනාවක් නැහැ. අන්තිමට එක්කෝ මහන්සි වෙලා ඒ කටයුතු කරගත්තු පුද්ගලික අංශයේ උදවිය එක්ක තරහයි. නැති නම් කසාද නොබැඳපු ඥාතියෙක් මැරෙනකන් බලන් ඉන්නවා. හැම එකක්ම ලේසියෙන් නොමිලේ ලබා දීලා මේ රට ගොඩ ගන්න බැහැ.
ඔව්ඔව් වසර දෙකකට සැරයක් රු. 10000 ගන්නේ වැටුප් වැඩිකොරන්න ඊටපසු අපිට වැට් බදු සහ අනිකුත් බදු පටවන්න