(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ දැන ගැනීම සදහා මහ බැංකු කොමිසමේ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා අද(2) පැවසීය.
කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව විශාල උනන්දුවක් දක්වන බැවින් එම වාර්තාව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.
බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම වාර්තාව රහසක්ව තබා ගැනීමට හෝ චාරිත්‍රානුකූලව එළි දැක්වීමට හෝ අවශ්‍යතාවයක් නොමැති බවත් මන්ත්‍රිවරයා කීය.
බැදුම්කර වාර්තාව ප්‍රකාශයට පත් කළ පසු ජනතාව ඒ සම්බන්ධයෙන් දන්නා වූ තොරතුරුත් සමග එම වාර්තාවේ අඩංගු නිගමනයන් පිළිබඳ අර්ථකතන හා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ඇති බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයට තියෙන හදිස්සියක් ! වාර්තාව ජනාධිපතිතුමාට භාරදී පැය කීපයක් යන්නත් පෙර මෙයාගේ දීර්ඝ නින්දෙන් දොඩොවනවා.... හෝව් පොඩ්ඩක්.
පරිනත වාමාංශික දේශපාලක තුමාගේ ඉල්ලීම ඉතා හොඳයි . නමුත් බැංකු කොමිසම වාර්තාව ඉල්ලන ගමන්ම , බරපතල දූෂණ 17 පිළිබඳ වාර්තාත් ඉල්ලුවා නම් වඩාත් හොඳයි නේද? ඒවත් දැන් සූදානම්ලු .
එතකොට වාසු තුමෝ, 2008 සිට 2015 පමණ කාලයේත් මහා බැංකුවේ සිදු වුනා යයි කියන මහා පරිමාණයේ වංචා හෙළි කරන්න කියා ඔබගේ ඔය ශ්‍රී මුඛය විවෘත නොවුනේ ඒ පිළිබඳව කොමිසමක් නොතිබීම හා වාර්තාවක් නිකුත් නොකිරීම නිසාද? අඩු වශයෙන් දැන් මෙවැනි වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසක් හරි පත් කිරීම ගැන සතුටු වෙන්න ඕනේ නේද? එදයි අදයි අතර මොකක් හරි වෙනසක් තියෙනවා නේද? අනේ කට අරින්නකෝ !
අපේ තෙරතුරු දැනගැනීමේ පනත අනුව මේ අයගේ පැටිකිරිය දැනගන්න අපිට අයිතියක් තියෙනවා....හොරකම් කළේ අපේ සල්ලි...
අනේ මෙහෙම අවාසනාවක් - අනේ මෙහෙම තණ්හාවක් - මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....
වාසුට පමණක් නොව විෂය ගැන උනන්දු කාටත් හදිස්සීයි. අපිත් බලන්න බොහොම උනන්දුයි මොකද සාක්කි දිහා බලාසිටි අපිට අත් හැරුනේ මොනවාද කියා දැනගැනීම තිබෙන ආසාවට. රටට මෙතරම් හානිදායක දෙයක් මීට ප්‍රථම සිදුවී නැත. අවුරුද්දකදී රු. කෝටි දසදහස් ගණනක මුදලක් කීපදෙනෙක් අතරේ බෙදීයාමත් ඒ මුදල ජනතාව රජයට ගෙවීමත් මොනතරම් පාපයක්ද?