ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.
ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 8 වැනි දා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකා ජනාධිපති වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (2) සිදු කෙරිණි.
මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම් සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය උවදුර මේවාගේ සම්මාන උළෙලවල් තිය තිය හිටියට අඩුවෙන්නේ නැහැ. දැන් පෙනෙන්නේ මෙවැනි ව්‍යවසනයන් පවා සමහරෙක් තමන්ගේ නම ප්‍රසිද්ධ කරගැනීමට භාවිතා කරන බවය.
සමහර රාජ්ජ්ය නොවන ආයතන තියෙනවා මේවා ඇප කැප වී සිටිනා බව පෙන්වමින්. ඒත් ආයතනය ඈතුලේ වෑඩ කරන මිනීසුන්ගේ මානසික සෞඛ්‍ය බින්දුවට බස්සමින් - ඒ ආයතනවල පාලකයන් ඒකාධිපති අයුරින් වෑඩ කරනවා. ඊට අමතරව, ඉහල නිලධාරීන් ඒවායේ අනුසාරයෙන් ව්‍යාපාරත් කරනවා.
ඔබට දැන් සතුටුද? මත් උවදුර පිටුදැකීමට අපේ රටේ ජනපති කරන මෙහෙවරට සම්මානයක් ලැබෙනවා කියන එක මුළු රටම (කුඩු මුදලාලිලාත්, ඒවා බෙදා හරින කුඩ්ඩනුත් හැර) ආඩම්බර විය යුතු කාරණාවක් නේද ?