ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 16 June 2021
‘‘ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට මා තරයේ විරුද්ධයි‘‘ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බව කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (16) මාතර දී පැවසුවාය. 16 June 2021
ඔන්ලයින් හරහා මත්පැන් අලෙවිය හෙට සිට අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. 16 June 2021
ගෑස් ගැන හෙට විශේෂ සාකච්ඡාවක් ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි. 16 June 2021
‘‘ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් ධීවරයන්ට සහනයක් දෙන්න‘‘ ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 16 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට අත්සන් 25ක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා අද(16)දිනය වන විට වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකු අත්සන් තබා ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. 16 June 2021
‘‘විශ්වාසභංගයට මා හොඳින් මුහුණ දෙනවා‘‘ තමන් විශ්වාසභංග යෝජනාවලට හොඳින් මුහුණ දී ඒවා පරාජය කර අත්දැකීම් ඇති කෙනෙක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 16 June 2021
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු නෙළුම් මාවතට රැස් වෙති ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (16) පෙරවරුවේ රැස්වූහ. 16 June 2021
ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට ජී.එම්.ඕ.එ විරුද්ධයි මත්පැන් නිවෙස්වලට ගොනැවිත් අලෙවි කිරීමේ ක්‍රමවේදය කුමන්ත්‍රණයක් හෙයින් ඊට විරෝධය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 16 June 2021
ණය කරුවන්ට සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස් කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීමට සුදුසු පියවර අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 June 2021
වයඹ වාහන බලපත් නිකුත් කිරීම 30 තෙක් අත්හිටුවයි වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වැනිදා දක්වා තව දුරටත් අත්හිටුවීමට තීරණය කළ බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී. බී. එම්. සිරිසේන මහතා පවසයි. 16 June 2021
මගේ මතයේ වෙනසක් නෑ - සාගර කාරියවසම් ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය සමඟ තමා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. 16 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1631ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,631 දෙනකු අද (16) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 16 June 2021
ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියම කළේය . 16 June 2021
මාදම්පේ මරක්කලගම හුදකලා කරයි මාදම්පේ මරක්කලගම ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව මාදම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කුලරත්න අතපත්තු මහතා පවසයි. 16 June 2021
හරක් කටාගේ ගෝලයෝ හතක් කුඩුත් සමග මාට්ටු ‘‘හරක් කටා‘‘ නැමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව කියන ප්‍රධාන පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් සමග අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 16 June 2021
කහ - බීඩි කොළ මන්නාරමෙන් අල්ලයි නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක්, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන ඇත. 16 June 2021
නගර සියයක් එකවර සංවර්ධනයට ‘සියයක් නගර’ ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 200 ක් වැයකරමින් නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. 16 June 2021
ඇසුරුම් යන්ත්‍රය පරණ යකඩවලට විකිණූ හතර දෙනාට ඇප කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2,220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණා පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතා අද (16) නියෝග කළේය. 16 June 2021
සජබට ගිය එජාප 69 ඉවත් කිරීමේ ලිපිය මැකො පිළිගනී සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දී යොමුකළ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 16 June 2021
පාර්ලිමේන්තුවට විදුලිය දෙන්න දියවන්නාවේ සූර්ය බල ව්‍යාපෘතියක් “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට නියමිතය. 16 June 2021
පාඨලීට සජබ ඉහළ තනතුරක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජනබලවේගයේ උසස් තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මේ දිනවල සාකච්ඡාවක් පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 16 June 2021
පාසල් පටන් ගන්න පෙර අධ්‍යයන අනධ්‍යයන හැමෝටම එන්නත් පාසල් නැවත ආරම්භ කිරීමට පෙර අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම වැදගත් බවත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 16 June 2021
රට විවෘත කිරීමට කිරීමට සුදුසු දැයි බලන්න කොවිඩ් පරීක්ෂණ මාලාවක් දිවයින පුරා සංචරණ සීමා ලබන 21වැනිදා ඉවත් කිරීමට නියමිත හෙයින් ඊට ප්‍රථම කොවිඩ් වයිරසය සමාජයේ කොතරම් දුරරට විවෘත කිරීමට කිරීමට සුදුසු දැයි බලන්න කොවිඩ් පරීක්ෂණ මාලාවක්ට පැතිර ඇද්දැයි සෙවීම සඳහා රටපුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාලාවක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි . 16 June 2021
මුහුදු කොටි බෝම්බයක් ධීවර දැලක පැටලේ නාවික හමුදාවට අයත් යාත්‍රා විනාශ කිරීම සඳහා එල්.ටි.ටී.ඊ. සංවිධානය යොදාගත් බවට සැකකර කිලෝ 100ක පමණ බර විශාල ප්‍රමාණයේ බෝම්බයක් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදේ තිබී සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි. 16 June 2021
පොහොර ඉල්ලා වැලිමඩ ගොවීහු උද්ඝෝෂණයක වැලිමඩ ගොවීහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන්නැයි ඉල්ලා ගොවි බිම්වලට අද දහවල් විරෝධතාවක නිරත වූහ. 16 June 2021
ලාභ ගන්න සැඟවූ ගෑස් සිලින්ඩර් 1875 එළියට මිල වැඩි වීමෙන් පසුව අලෙවි කිරිම සඳහා සඟවා තැබු බවට සැකකරන කිලෝග්‍රෑම් 12.5 ලිට්ට්‍රෝ වර්ගයේ ගෑස් සිලින්ඩර් 1875ක් කුරුවිට නාලන්ද එල්ලාවල කර්මානතපුරයේ ගෑස් අලෙවි නියෝජිත සමාගමක ගබඩාවක තිබී 16 දා දහවල් පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 June 2021
කොවිඩ් මැද ලංකාව බලන්න විදෙස් සංචාරකයන් 15,000 ඇවිත් කොවිඩ් වසංගත තත්ත්වය පැවතියද විදේශීය සංචාරකයන් පහළොස් දහස් දෙසිය අනූ හතර දෙනකු මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 16 June 2021
ගෑස් මිල අඩු කරන ක්‍රමයක් ගැන සොයන්නැයි සමාගම්වලට උපදෙස් ගැස් මිල වැඩි කරනු වෙනුවට ගෑස් මිල පහත හෙළීම සදහා ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග පිළිබඳව සොයා බලන ලෙස ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ කරුණ සළකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව ෂෙල් හා ලිට්රෝ ගෑස් සමාගම්වලට අද උපදෙස් දුන්නේය. 16 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවේ මෙරට නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චිට ඇප මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරී ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 16 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026