
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාරදුන්හ.
ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත පියතුමා, කොළඹ සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිපපලක් ද සහ නීතිඥ මහත්වරුන්ද පැමිණ සිටියහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ද අනුදැනුම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල කළ බව ජූඩ් ක්‍රිසන්ත පියතුමෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොර රනිල් උන්නැහේ වග කියන්න ඕනේ නැද්ද? පහල ඉඳන් වගකීම් පැහැර හැරිය නිසා නේද උඩට වගකීම ආවේ.
දැන් පාදිලියෝ මේ කතාව පස්සේ දුවයි. අන්තිමට සිරිසේන දෙන්නේ එකම උත්තරයි. එකට ඔක්කොම සරන්ඩර්.
පාදිලියෝ පිරිවරාගෙන කොල්ලෙක් අවානේද සී.අයි.ඩීයට. කන්දක් විලි ලෑවා වගේ සද්දක් ඒකාලේ තිබුන නමුත් මීයෙක් වදපු තරම් දෙය උනේ නැහැ වගේ.