
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (10) හිමිවිය.
මෙම කාරක සභාවේ නිල කාලය ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණ.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කතානායකවරයා විසින් පත්කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී පසුගිය අප්‍රේල් මස 5 වැනිදා සම්මත කෙරුණු යෝජනාවකට අනුවය.
මෙම කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය මැයි 17 වැනිදා පැවැත්විණ.
ඡන්ද නීති ප්‍රතිසංස්කරණය සඳහා සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමට දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, අදාළ වෙනත් ආයතන හා සංවිධාන නියෝජිතයන් මෙන්ම අදාළවන විද්වතුන් ඇතුළු පාර්ශව රැසක් මෙම විශේෂ කාරක සභාව හමුවට පසුගිය කාලයේ කැඳවූ බව එහි සභාපති සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කිරීමේ කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd