
(ඩයනා උදයංගනී)
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලබාදීම කොළඹ දී අද (10) සිට ආරම්භ කෙරිණි.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ මෙම එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.
දැනට කුමන හෝ වර්ගයකින් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන මාස තුනක් සම්පූර්ණ කර ඇති අයට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති අතර ඔවුන්ට එන්නත ලබාගත හැකි ස්ථානය හා දිනය කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බව ද ඇය සඳහන් කළාය.
බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නත් මාත්‍රාවකි.
බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 30ට වැඩි පිරිස 3,25,000ක් පමණ වන බව කී දිනූකා ගුරුගේ මහත්මිය තමන්ට ලැබෙන දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන අවට එක්රැස්වෙමින් එන්නත් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd