
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලංකුලම වංගුව ආසන්නයේදි නාවික හමුදාවට අයත් බස් රථයක් හා වැන් රථයක් අද අළුයම පහට පමණ මුහුණට මුහුණට ගැටිමෙන් වැන් රථයේ රියදුරා මිය ගොස් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයන් හය දෙනකු හා නාවික හමුදා භටයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ නොච්චියාගම පදිංචි ඒ.දිනේෂ්(38)නැමති අයෙකි.
පුනෑව නාවික හමුදා කදවුරේ සිට පුත්තලම නාවික හමුදා කදවුරට නිලධාරින් පිරිසක් රැගෙන යමින් සිටි නාවික හමුදාවේ බස් රථයක් හා නොච්චියාගම දෙස සිට අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබු වැන් රථයේ මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලිසිය තියයි.
අනතුරින් තුවාල ලැබු වැන් රථයේ සිටි පුද්ගලයන් හය දෙනෙකු හා බස් රථයේ ගමන් ගත් නාවික හමුදා නිලධාරින් අට දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
වැන් රථයේ පිරිස නොච්චියාගම සිට මංගල උත්සවයකට අනුරාධපුරයට පැමිණෙමින් සිටි බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බොහෝ විට දැක තිබෙන දෙයක් තමයි දුර්වල නාවික හමුදා රියදුරන්. ඔවුන්ට නිසි හික්මීමක් නැහැ, මම අද උදෙත් දැක්කා එවැනි දුර්වල නාවික රියදුරෙක් මට්ටක්කුලිය පාරේදී
හමුදා බස් යන්නේ කිසිම විනයක් නැතිව. මාර්ග නීති මුකුත් නෑ. අපරාදෙ අසරණ මිනිස්සු මැරෙනවා. මිනීමරුවන් චෝදනා දාලා හිරේ යවන්නේ නැතිනිසා අවිනීත රියදුරන් නිදැල්ලේ...