“පාළු ගෙයි වලං බිඳීම නවතා ප්‍රසිද්ධ විවාදයකට එන්න’’
ඉන්ධන මිලවැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වලං බිඳීම නවතා තමා සමඟ විවාදයකට ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.