(ඉන්දිකා රාමනායක, බී.ජානක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාරයෙන් නිදහස්ව එන විට සොරකම් කරගෙන ආ අත් මාංචු යොදා ගනිමින් පොලිසියේ යැයි පවසා පසුගියදා බම්බලපිටිය ලෝරන්ස් මාවත ප්‍රදේශයේදී රථ ගාලක මෝටර් රථය තුළ සිටි පුද්ගලයාට මාංචු දමා රන් භාණ්ඩ හා මුදල් මංකොල්ල කෑ සැකකරුවකු කිරුලපන පූර්වාරාම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 5900 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී සැකකරු අත් මාංචු සොරකම් කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සැකකරු අධිකලෙස මත්ද්‍රව්‍ය පානය කරන බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ගුද මාර්ගයේ හෙරොයින් සගවා ගෙන තිබියදි සොයා ගත් බව පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන සහ තොරතුරු මත අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු විසින් මංකොල්ලකන ලද පවුම් තුනකට ආසන්න බරකින් යුත් රුපියල් තුන් ලක්ෂ හැට දහසක් වටිනා රන් මුදු දෙකක්,බ්‍රේස්ලට් එකක් අතරින් කොටසක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් භාණ්ඩ විකුණන හා සාදන ස්ථානයකින් ද කොල්ලකන ලද රුපියල් තිස්දහසක මුදල්ද සොයා ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී රුපියල් එක් ලක්ෂ දහ දාහක මුදලක් හා මංකොල්ල කා පලා යන ලද රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මෝටර් රථය ද සැකකරු පැමිණි යතුරු පැදියත් මංකොල්ල කෑම් සදහා යොදා ගන්නා ලද උල් පිහියක් සහ මාංචු කූට්ටම ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු අවිවාහක 34 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ත්‍රීවීල් එකකින් ගෙදර ගියොත් එක්කෝ ගේ පහුකරලා බහිනවා. නැතිනම් ගෙදරට ටිකක් ඉදිරියෙන් බහිනවා... ඒ මගේ ආරක්ෂාවට...