
( තිළිණි ද සිල්වා )
පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇත
නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්ය.
එමෙන්ම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට ද පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව පංජාබ් ප්‍රාදේශිය පොලීසිය දැනුම් දී ඇත.
එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...
මෙතන වෙන්නෙ වෙන දෙයක්. පාකිස්තානය ජාත්‍යන්තරයට බියෙන් මේ සේරම කරන්නෙ.
පාකිස්තානය ගත් පියවර ඉතාම නිර්භීතයි.