
පොහොට්ටු පක්ෂ මන්ත්‍රීන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ආණ්ඩුවේ දෙවැනි ලොකු මහත්තයාගේ ප්‍රධානත්වයෙනි .පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිලා බොහෝ දෙනෙකු මේ හමුවට පැමිණ සිටියේ කාලෙකට පස්සේ තමන්ට තියෙන දුක්ගැනවිලි ,ගැටලු ,ප්‍රශ්න කියන්නත් ලැබුණු අවස්ථාවක් නිසයි.
තමන්ට තියෙන ගැටලු, ප්‍රශ්න කියන්නැයි ලොකු මහත්තයා එතනදී දැනුම් දී මුකුත් කළේය.අවස්ථාව එන්නටත් පෙර නැගිට්ටේ කටකාර මෙන්ම, හැඩකාර මන්ත්‍රීවරියකි. ආණ්ඩුවෙන් තනතුරක් නොදීම ගැන කනගාටුවෙන් සිටින ඇය පසුගිය කාලය පුරාම ද ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළාය .
එදින හමුවේදී ද ඇය කළේ ඇයගේ දුක්ගැනවිල්ල වෙනදාට වඩා හොඳින් හැගුම්බරව ඉදිරිපත් කිරීමය." ඒකාබද්ධ විපක්ෂය හදන දවස් වල හිටියේ අපි පනස් තුන් දෙනයි. ඉන් පනස් දෙදෙනකු ට ම ඇමතිකම් හම්බවුණා.
මට විතරයි නැත්තේ.එහෙම වෙන්නේ කොහොමද. මේක මට කරපු ලොකු අසාධාරණයක්" කියමින් ඇය ඉඳ ගත්තාය .එහෙත් ඇයගේ ප්‍රශ්නෙට කිසිවකුගෙන් පිළිතුරක් නොලැබිණි. ඇය නැවත නැගිට්ටාය." ඇමතිකමක් නැති එක ගැන හිතලා මට ආතතියත් හැදුනා .මං ඒකටත් බෙහෙත් ගන්නවා "ඇය කීවේ හැඬූ කඳුළිනි. එහෙත් ඊට ද කිසිවකුගෙන් පිළිසරණක් නොලැබිණි .හමුව නිමා වන්නටත් පෙර ඇය එතනින් පිටව ගියේ "මට වෙච්ච අසාධාරණය කාටවත් පේන්නෙ නෑ" කියමිනි.
අගස්ති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලගෙ වැඩ නිසා රටේ මහජනතාවට කොපමන ආතතියක් ඇද්ද?
ඕක හුඟක් නලු නිළියන්ට තියෙන ලෙඩක්. ජනප්‍රිය වුනාම හිතනවා තමුන් හරි දක්ෂයි කියලා. පේනවනේ රන්ජන්.
නම නොකිව්වට අපි දන්නවා කවුද කියල. අල්ලපු අත්තත් නැහැ. පයගහපු අත්තත් නැහැ.හැබැයි බැරි වැඩ කරන්න යන්න එපා. ඔබට රටේ උන්නතිය වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ.දැනට සිටින ඇමතිවරු රට කාලා හමරයි....
මෙයා ඇමතිකම් නැතුව අඬනවා මෙයාට ඇමතිකම් දෙයි කියලා හිතිලා අපිට ඇඬේනවා.
අනේ පව්... තනි ඇහෙන් ඇඬෙනවා..