(ඉන්දිකා රාමනායක සහ බී.ජානක)
බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි .
ඉල්ලුම්කරුවන් වශයෙන් මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් බඩු හලට ඇතුළු වී කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස' ගේ සහ මොළහතාගේ ආර්ථිකේට පින්සිද්ධ වෙන්න දැන් කරගන්න පුලුවන් ලොකුම ආයෝජනය තමයි ගෙදර දොරවල් සහ ජනෙල් වලට යකඩ දොරවල් දාගන්න එක. ඒ තරමට රටේ හොර හතුරෝ...
අඩුම තරමේ ආයුධ සන්නද්ධ එක පොලිස් නිලධාරියෙකු බැගින් හෝ මේ වැනි ස්ථාන වල රඳවා තබන්නේ නම්,මෙවැනි මංකොල්ල කරුවන් අල්ලා ගන්න පුළුවන් .. ඒත්,ඒ ගැන වගකිවයුත්තන් හට වැටහී නොතිබීම පුදුමයට කරුණක්.එපමණක් නොවෙයි.රටේ බඩු මූට්ටු ගිනි ගනන්.තියෙන මිළේ හැටියට පිටි පැකට් එකක්, එළවළු ටිකක් හෝ පාරේ ගෙනියන්න බයයි.ඒ තරම් තත්වයක් තමයි දැන් දැන් තියෙන්නේ.
මෙවැනි දේ දුටුවිට බියෙන්, සැකෙන් තොරව තවතවත් කොල්ලකරුවන් දවාලේ සොරකමට පෙළඹෙන්නට ඉඩ ඇත. මෙය රටේ ප්‍රතිරූපයට හානියක් වන අතර සංචාරකයින්ට පවා රට අනාරක්ෂිත යයි දන්වන්නට සාක්ෂි සපයයි...