
කොවිඩ් 19 වසංගතය හමුවේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත්, දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවත් ග්‍රීක රජය පවසා තිබේ.
ග්‍රීක රජය මෙසේ පැවැසුවේ, පාසල් ආරම්භ කළත් පාසල්වලට පැමිණෙන දරුදැරියන් ගණන ඉතා අඩු බැවිනි. පාසල් බොහොමයක දකින්න ලැබෙන්නේ ගුරුවරුන් පමණක් යැයි ද ග්‍රීක මාධ්‍ය වාර්තා කර තිබේ.
යුරෝපයට අයත් ග්‍රීසියේ ද කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අදිමදි කරන බොහෝ දෙනකු සිටින අතර, ඔවුන් මුහුණු ආවරණ පැලැදීම හෝ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම හෝ සිදු නොකරන බවට රජය චෝදනා නගයි.
අවුරුදු 16 දක්වා සියලු දරුවන්, අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරන්නේ නම්, පාසල් එවිය යුතු බවත්, එය මාපියන්ගේ වගකීමක් බවත් එසේ නොකරන්නේ නම්, දෙවසරක සිර දඩුවමක් සහ යූරෝ 59 ක (ඇමෙරිකන් ඩොලර් 67) දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගන්නා බවත් ග්‍රීක රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘වසංගතය හමුවේ අප එන්නත් ලබා දීම සිදු කරනවා. වසංගතයෙන් ආරක්ෂා වෙන්න සෞඛ්‍ය උපදෙස් අනුව නීතිරීති සකස් කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් තැකීමක් නොකරන, නීතිරීති තැකීමක් නොකරන බොහෝ දෙනකු සමාජයේ ඉන්නවා. දරුවන් පාසල් යැවීම මාපියන්ගේ වගකීමයි. ප්‍රාථමික සහ ද්විතීක අංශ සදහා අප අධ්‍යාපනික කටයුතු ආරම්භ කර තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව. ඒ නිසා දරුවන් පාසල් යැවීමට මාපියන් වගබලා ගැනීම කළ යුතුයි' යැයි ග්‍රීක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පිළිබඳ ප්‍රධාන ලේකම් ඇලෙක්සැන්ඩ්‍රොස් කොප්ටිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි මේක ලංකාවෙත් ක්‍රියාත්මක කරන්න.මොකද සාගතයක් පෙනෙන රටේ දෙමාපියන් හිරේ ගියාම කන්න බොන්න ලැබෙනවා. ළමයින් පාසැලට ගියාම ඔවුන්ගේ ආරක්ෂාව රජයට පැවරෙනවා .එවිට ඔවුනුත් පෝෂණය වෙනවා .පුළුවන් නම් කරන්නකෝ. අපිටත් ඕන නිකම්ම කකා බිබී ඉන්න
ආ.. මේ ග්‍රීක රජයනේ.. මොකද අපේ ළමයි ඉස්කෝලේ යනවා දැන්...
රජයක් මෙවැනි දැඩි නීති පනවන්නට පෙර තමන් විසින් සාමාන්‍යය ජනයාට හිරිහැරයකින් තොරව ජීවත්වීමේ වටාපිටාව සලසා තැබිය යුතුයි නේද? කුසගින්නේ පෙලෙන ජනතාවක් සහ තම වගාව අලි සහ කෘමීන් විනාශ කරන පසුබිමක් ඇතිව ජීවිත අරගලයක යෙදෙන ජනතාවක් තමා අද ඉන්නේ. සාමයට ලැදිව සහ ඉවසීම සහිතව මිනිසුන් තම ප්‍රශ්න විරෝධතාවයකින් කියාපාන්නේ වෙන කළහැකි යමක් නැති නිසයි. පරිස්සමෙන් තීන්දු තීරණ නොගතහොත් මේ රට ආරාජික තත්වයට ගොස් සියල්ලෝම විනාශ මුඛයට යා හැකියි...
වැක්සීන් සහ බටහිර බෙහෙත් විකුණාගැනීම සඳහා කොරෝනා කියලා බොරුවක් ලෝකයට හඳුන්වලා දීලා ඕනෙම ජරාවක් විකුණන මාධ්‍ය හරහා අධිරාජ්‍යවාදීන්ට ඕනෑ විදිහට මිනිස්සුන්ගේ ජීවිත විනාශ කළා. දැන් ඔවුන්ගේ ව්‍යාපාර හරිගියාම දැන් මිනිස්සුන්ව හිරේදාලා හරි ඔවුන්ගේ වැඩේ කරගන්නවා. මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑබටහිර වෛද්‍යවරුන් සහ මාධ්‍යයන් තමයි.