
(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ඇල්ලතොට දී අද 11 සවස කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි ගගකට පෙරළීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ රියදුරු බවද පොලිසිය කියයි.
දියතලාව සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් කැබ් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ. රියදුරු බීමත්ව සිටියේ ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගඟට පෙරළී තිබූ කැබ් රථයේ සිටි රියදුරු කඩිනමින් පිටතට ගැනීමට පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ පරිශ්‍රමයක් දැරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd