ඇප ලැබුණු ශානි ගෙදර යයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරු අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු එස්. වයි. මාපා බණ්ඩාර මහතා අද (17) නියෝග කළේය. 17 June 2021
කෝප් කමිටුව 22වැනි දා රැස්වෙයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) විශේෂ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 22වැනිදා අඟහරුවාදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 17 June 2021
අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්ට දීමනාවක් ඉල්ලයි අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතව සිටින සංවර්ධන නිලධාරීන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදෙන්නයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි. 17 June 2021
කොරියානු රැකියා කෝටාව අහිමිවීමේ අවදානමක් ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අපේ රටට හිමි කොරියානු රැකියා කෝටාව අපෙන් ගිලිහී වෙනත් රටවලට හිමි වීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 17 June 2021
ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 17 June 2021
කිරිපිටිත් ගණන් යන ලකුණු කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පැවසීය. 17 June 2021
‘බොරතෙල් අඩු කාලේ ලාබ දැන් ජනතාවට දෙන්න‘ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක අගයේ තිබියදී රජයට ඉතිරි වූ ඩොලර් බිලියන 2 ක මුදල යොදවා ඉන්ධන හෝ බෙහෙත් ගැනීමට වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන් වෙනුවෙන් වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(17) රජයට දන්වා සිටියේය. 17 June 2021
මැදිරිගිරියේ ගොවීහු පොහොර ඉල්ලා පාරට බසිති මැදිරිගිරිය කවුඩුලුවැව ව්‍යාපාරයේ ගොවීහු සහනාධාර පොහොර ලබා දෙන ලෙසට බලකරමින් මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 17 June 2021
අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක් අල්ලස් හෝදුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව විමර්ශන අධ්යක්ෂවරයා වශයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග විතානගේ මහතා පත් කර ඇත. 17 June 2021
සැර කොරෝනා වයිරස සෙවීමට ඔක්ස්ෆර්ඩ් තාක්ෂණය සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනාගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මෙරටේ ප්‍රථම වරට යොදා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 17 June 2021
ඩෙංගු මාරයා දරුවන්ට අත වනයි දරුවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 17 June 2021
මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්විමට එරෙහිව ජවිපෙන් පෙත්සමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 17 June 2021
එජාප නව ප්‍රා.මන්ත්‍රීන් දිවුරුම්දීම 22 දා සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට පත් කළ මන්ත්‍රීවරුන් ලබන 22දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 17 June 2021
‘මත්පැන් ඔන්ලයින් විකිණීමට අවසර නෑ‘ සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය 17 June 2021
‘ ජී.එස්.පී නැති වුණොත් ඒ අවදානමටත් මුහුණ දෙනවා‘ ජී.එස්.පී සහනය අහිමි වුවහොත් ඒ අවදානමටත් මුහුණ දෙන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය . 17 June 2021
ලක්ෂ 26 ක කහ හොරෙන් පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන ආ බවට සැක කෙරෙන,කහ කිලෝ 860 ක්,සහිත කහ ඇසුරුම් 24 ක් කල්පිටිය තිලඩිය කළපු තීරයේ දී වාහනයකට පැටවීමට සූදානම් කර තිබිය දී අද(17 ) අලුයම සිය බාරයට ගත් බව නාවුක හමුදාව පැවසීය. 17 June 2021
පොහොර සැඟවූ මීරිගම ගබඩා දෙකකට සීල් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොර සගවා තිබූ ස්ථාන දෙකක් වටලා එම ගබඩාවලට මුද්‍රා තැබූ බව පරිභෝගික අධිකාරිය කියයි. 17 June 2021
සැක බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට ඉන්දියන් ධීවරයින්ට අයත් බව සැක කෙරෙන බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදි 17 දා අළුයම සොයාගත් බව උඩප්පු පොලීසිය කියයි. 17 June 2021
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සයිනෝෆාම් කුප්පි 30ක් උස්සලා රුපියල් අනූ දහසක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් කුප්පි තිහක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 17 June 2021
පළාත් පහකට අදත් වැසි තත්ත්වයක් පළාත් පහකට අද (17) දිනයේත් මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට අනිද්දා 18 වැනිදා සිකුරාදා බාරදෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි. 17 June 2021
ජෙනරාල් සිරිල් රණතුංග දිවියට සමු දෙයි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන සිරිල් රණතුංග මහතා අභාවප්‍රාප්ත විය. 17 June 2021
වාහන ආනයනය නැවැත්වීමෙන් රජයටකෝටි විසි පන් දහසක් ඉතිරියක් කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 17 June 2021
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍රගෙන් තවත් ප්‍රකාශයක් ගන්න යයි ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්ර සේනානායකගෙන් දෙවැනි ප්‍රකාශය ලබාගැනීමට නියමිත යැයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි. 17 June 2021
‘‘ මෙරට තරුණයන්ට කොරියාවේ රැකියා අහිමි වීමේ අවදානමක් නෑ‘‘ කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රි ලාංකිකයන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මණින් සපයන බව ශ්‍රි ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වේ සහතික විය. 17 June 2021
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 16 June 2021
‘‘ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට මා තරයේ විරුද්ධයි‘‘ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බව කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (16) මාතර දී පැවසුවාය. 16 June 2021
ඔන්ලයින් හරහා මත්පැන් අලෙවිය හෙට සිට අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. 16 June 2021
ගෑස් ගැන හෙට විශේෂ සාකච්ඡාවක් ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි. 16 June 2021
‘‘ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් ධීවරයන්ට සහනයක් දෙන්න‘‘ ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 16 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026