
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් වසංගත තත්වය ලබන වර්ෂයේදී නිමාවී ආර්ථිකය වඩාත් සැලසුම් සහගතව සහ ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඒ ඉදිරි ගමන වෙනුවෙන් ආර්ථීක ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසූවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා පැතුමත් එයයි.
ඤාණ කතා නොහොත් ඤාණක්කාගේ කතා...
හ්ම්.. කොරෝනාවට ඉස්සෙල්ලා.. සිංගප්පූරුව වගේනේ රට තිබුණේ. අනේ මගේ කට.
මොනවත් නොකර අඩුම ගානේ හොරකම නැවැත්තුවොත් ටිකක්හරි ඉදිරියට යයි..
හීනෙන්ද? රටට කාලා කාලා එක උලාත් කාලා රට දියුණු වෙනවාලු... මේක දියුණුවෙන්නේ.. ඔහෙයි, ඔහේගේ පවුලයි කම්බස් වෙච්චි දවසට තමයි.
යාවී, යාවි. ඔයාලත් ගෙදර යාවී
වංචාවයි.., දුෂණයයි.., නාස්තියයි.. ඔබතුමයි, ඔබතුමාගේ වටේ ඉන්න පිරිසෙයි, රට කරවන්න ඉන්න අනෙක් පිරිසෙයි තියෙනකන් මේවා නිකන් දවල් හීන විතරයි අගමැතිතුමා... ඩොලර් බිලියන නෙමේ ඩොලර් ට්‍රිලියන ගණනක් මේ රටට ගෙනාවත් රට සංවර්ධනය විම කෙසේවෙතත්, ඒවා හරියට අර මකර කටට යනවා වගේ තමයි... ඒක තමයි කියන්නේ ඔබලා ඇතුළු මේ රටේ හැම පාලකයෙක්ම අපේ රටට සාපයක් කියලා මිනිස්සු...!
ඔව් ඔව්... යාවී, පාවී පාවී...!
අපේක්ෂා කරන දේවල් නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපේක්ෂා වලට ළඟාවීමට අවශ්‍ය සැලසුම් සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම තමයි නැත්තේ..
යාවි.. යාවි... කට ඇරගෙන බලාගෙන ඉන්න. නියම බඩු ටිකකනේ රටේ ආර්ථිකය හසුරුවන්නේ.
කිසිම ප්ලෑන් එකක් නෑ.. වැසි වැස්සොත් ගඟ ගලයි වගේනේ...
ඇයි තව කොහෙන් හරි නයෙක් ඇවිල්ලා කිව්වද එන අවුරුද්ද සුභ වෙනවා කියලා ?2021 දීත් ඕවා කියලා තමයි අන්තිමේ නන්නත්තාර වෙලා ඉන්නේ.දැන් වත් බොරු පුචානම් කියවිල්ල නවත්තලා යතාර්තයට මුහුණ දෙනවද ?