(නිමන්ති රණසිංහ) 

නීති විරෝධී ලෙස පොලිස් නිල ඇඳුම් කට්ටලයක්, අත් විලංගු දෙකක්, පොලිස් යතුරුපැදියක් සහ පොලිස් නිලධාරීන් භාවිතා කරන අංක තහඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේ දී ඊයෙ (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි .

මෙම සැකකරු පනස් හැවිරිදි කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ ලියනගොඩ පදිංචි අයකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකලකායේ විශේෂ මෙහෙයුම් ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (09) රාත්‍රියේදී බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි .

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් එහි විශේෂ විමර්ශන ඒකක 2හි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එෆ්. එම්. මදුර ඇතුළු  නිලධාරිහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ .