
(චාපා මධුභාෂිණි)
දුම්රියන ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා එන එම පැටවකාගේ අලි අම්මා මහා හඬින් විලාප නඟා පැය ගණනක් එනත ගත කර පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් නිසොල්මනේ රැඳී සිටිමින් තමන්ට වූ අවනඩුව කියා පාන්නා සේ රැඳී සිටින බව ගල්ඔය ගම්වාසීහු පවසති.
එසේ රැදෙන කාලය තුළ අලියාගේ දෑස්වලන් කඳුළු වැගිරෙන බව ද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගල්ඔය ප්‍රදේශයේදී ඉකුත් 22 අළුයම 12.30 පමණ ගැටී අවුරුදු දෙකක් පමණ වන කුඩා අලි පැටවා මරණයට පත්ව ඇත. එම පැටවා මෙම කෙනෙරගේ බවට ගම්වාසීහු පවසති.
මියගිය අලි පැටවා හතරැස්කොටුව රෝහල ඉදිරිපිට වත්තේ වළ දැමීමට වනජීවී නිළදාරීන් කටයුතු කළේය.
පැටවා වළදැමූ ස්ථානයට දිනපතාම රාත්‍රී කාලයේ එන මෙම කෙනෙර මහා හයියෙන් විලාප නඟන බවත් එම විලාපය ගම්මුන්ට මහත් වේදනාවක් බවත් ඔවුහු පවසති.
එසේ කෑ ගසන කෙනර මධ්‍යම රාත්‍රියේ ගල්ඔය පොලිසිය ඉදිරිපිට පිවිසුම් දොරටුව ආසන්නයට වී නිසොල්මනේ පොලිසිය දෙසම බලා සිටින බවත් පොලිස් ස්ථානාධිපති ජී.ජි.සී. ජයතිස්ස මහතා පවසයි.
කිසිවකුටත් හිරිහැර නොකර යන්නැයි ඉතාමත් කාරුණිකව පැවැසූ විට එතැනින් ඉවත්ව ඒ ආසන්නයේ ගසකට මුවා වී නැවතත් පොලිසිය දෙස බලා සිටින බව ජයතිස්ස මහතා කියයි.
සතෙක් වුණත් වූ අම්මෙක්නේ” යනුවෙන් ඒ මහතා ඉතා සංවේදීව කියා සිටියේය.
අලුයම 5.30 පමණ වන තෙක් රැඳී සිටින මෙම කෙනෙර ඉන් පසු හතරැස්කොටුව විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ආසන්නයට පැමිණ දරුවන් පාසල් භූමියේ කෙලි සෙල්ලම් කරන අයුරු ක්‍රීඩාපිටියේ ඈත කොනක සිට බලා සිටින බව පාසලේ ප්‍රකාශකයෙක් කීය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිළදාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී කෙනර පාසල් භූමියෙන් පලවාහැරීමට අවශ්‍ය කටයුතු කළ බව මවක පැවැසුවාය.
එම අවස්ථාවලදී කෙනර දැඩි ලෙස කලහකාරි ලෙස හැසිරෙන බව වනජීවි නිලධාරීහු පවසති.
අලිපැටවා මියගිය දින සිටි සෑම දිනකම පැමිණි මෙම කෙනෙර ඊයේ දින එසේ නොපැමිණි බව ප්‍රදේශවාසීහු පවසති.
හබරණ ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේදී බඩු ප්‍රවාහනය කළ දුම්රියක ගැටී කෙනරක් මරණයට පත්ව ඇති බවත් එසේ මියගියේ එම කෙනෙර දැයි ප්‍රදේශවාසීන්ට සැකයක් මතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක හිතෙනවා.
මව් ඇතින්න මරා පැටවුන් පැහැරගත් දේශපාලුවන්ට ඔවුන්ගේ හෙන්චයියලාට මේවා කෙලෙස තේරුම් කර දෙන්නද? කවදා නම් තේරුම් යයිද? මව නැති වුණු පැටියාටත් ඇත්තේ ඔය වේදනාවම නේද?
"යකඩ යකා බිලිගත් දරු පැටිය මගේ... දුක වාවනු බැරිව නෙතු අග කඳුළු නැඟේ... පොලිසියට විත් කීවෙමි බැස කඳුළු ගඟේ ... තිරිසන් වුවත් මවකගේ හද උණුවෙයි වෙඬරු වගේ... "
අපේ සංවේදීබව අලින්ට දීලා තියෙන්නේ... දැන් අපි සංවේදී නැහැ.
අනේ පව් දෙවියනේ...!
ඇත්තටම අලියා යම් බුද්ධිමත් සතෙක් . මේ ප්‍රවෘත්තිය කියවූ විට යම් වේදනාව ක් දැනෙනවා . දරු සෙනහස පාසල් භුමිය තුලින් පෙන්වා තිබෙනවා . මේ කියන විදියට එම කෙනෙර දිවි නසා ගත්තා වෙන්න පුළුවන් නේද .
අපි ඇත්තටම මනුස්සයෝද?
ඉතාම දුක්බර කථාවක්. කියවනවිට දෑස් තෙත්වී ගියා. මියගියේ ඒ කෙනෙරම නම් ජාති ජාතිත් මෙවන් දුක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි...
අනේ පව්. මොනවා කරන්නද. ජිවිතේ ඔහොම තමයි
මේ වගේ දෙයක් වුනා වඳුරු මවක් සම්බන්ධයෙන්. පැටියා විදුලි රැහැනක පැටලිලා මැරිලා පැය ගණනක් අඬ අඬ හිටියා. මේ සත්තුන්ට කතා කරලා කියන්න බැරි උනාට හරියට දුක වේදනාව, ආදරය දැනෙනවා. කවදාවත් සත්තු මරලා මස් කන්න එපා. දැන් තියන ව්‍යාපාර වල හැටියට සල්ලි දීලා මස් ගන්න එකත් එක විදිහක සත්ව හිංසාවට අනුබලයක්. අපි දියුණුවක් ලබනවනං එතෙන්ට යන්න ඕන ආත්මාර්ථයෙන් තොරව.
ඉතාම සංවේග ජනක හා සංවේදී පුවතක්... මෙම ප්‍රදේශයේ අලින් සැලකිය යුතු සංඛ්‍යාවක් දුම්රියවල ගැටී මිය යනවා. බලධාරීන් මෙම ප්‍රදේශයේදී දුම්රියවල වේගය සඳහා සීමා පනවා ඇතත්, දුම්රිය රියදුරන් එය නොතකා ධාවනය කරන බව පැවසෙනවා. ඔවුන්ගේ නොසැලකිලිමත් කම (සහ සමහරවිට බීමත්කම) මෙයට හේතුවෙනවා ඇති. මෙම වේග සීමා, පොතට පමණක් සීමාවී ඇත්නම්, එහි ඵලක් නැත. දුම්රිය වල GPS උපකරණ සවිකොට, දුම්රිය වේගය නිරීක්ෂණය හා වාර්තාගත කළ හැකියි. (එ් සඳහා අධික මුදලක් වැය නොවේ..) මෙවැනි අනතුරක් වූ විට, එම අවස්ථාවේ වේගය කොපමණ දැයි එම වාර්තා අනුව සොයාබැලිය හැකියි. එවිට, කට වචනය මත වැරදි කරුවන් නිදහස් නොකෙරෙනු ඇත. වැරදි කළොත් නම්, නිසි දඬුවම් දිය හැක. දුම්රිය රියදුරන්ද, තම වේග සීමා ගැන සැලකිලිමත් වනු ඇත. අදාළ පාලකයින්ගේ හා බලධාරීන්ගේ අවධානයට මෙම අදහස යොමු වේවායි පතමි.
රැලේ එක් ඇතින්නකට පැටියෙක් ලැබුණාම සියලු ඇතින්නන්ට, කෙනෙරලාට කිරි එරෙනවා කියනවා නේද? මෙම සතාට වෙනසක් වෙන්න බැහැ. ඌ දුක කියන්න ගියේ පොලිසියට.. එහිදී යන්න කිව්වාම ගිහිල්ලා කොතරම් සංවේදීද? පාසලට ආවෙත් මිනිස් දරුවන් බලන්න මිස අනතුරකට නොවෙන්න පුළුවන්...