
(යොහාන් භාසුර)
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
එම කන්ටේනර්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ හාල්මැස්සන් කරවල, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු ආදි අඩංගු ඒවා බවත් ඇතැම් කන්ටේනර්වල ඇති ආහාර ද්‍රව්‍ය විනාශ වීමේ අවදානමක් ද ඇති බවත් වාර්තා වේ.
ප්‍රධාන පෙළේ ආනයනකරුවෙකුගෙන් මේ පිළිබඳව අද (9) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් කන්ටේනර් නිදහස් කරගැනීම මන්දගාමී වීම නිසා කන්ටේනර් ගොඩගැසී ඇති බවත් කන්ටේනර් නිදහස් කරගන්නා සංඛ්‍යාවට වඩා නව කන්ටේනර් එකතු වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.
වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන් ප්‍රශ්න බවට පත්ව ඇති බවත් ප්‍රධාන පෙළේ ආනයනකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නය මිට වැඩිය පුළුල්ව බැලිය යුතුය.
සර්ට බෑ කරන්න.... ආණ්ඩුව වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ...
රුපියල් අච්චු ගැහුවා වගේ ඩොලර් අච්චු ගහන්න බෑ නේද? පුළුවන් නම් මේ ආණ්ඩුව ඩොලරුත් අච්චු ගහනවා.
රුපියල් මුද්‍රණය කරනවා වගේම ඩොලර් හිඟය නැතිකරන්න ඩොලර් මුද්‍රණ යන්ත්‍රයක් ලංකාවට ගෙන්වා ගන්න.